My Blog List

Tuesday, 24 March 2026

ඌව ප්‍රජා ගුවන්විදුලිය



ඌව ප්‍රජා ගුවන්විදුලියේ ආරම්භය ශ්‍රී ලංකීය ගුවන්විදුලි වංශකතාවේ විප්ලවීය සන්ධිස්ථානයක් ලෙස සැලකේ. යුනෙස්කෝ (UNESCO) සංවිධානයේ මූල්‍ය හා තාක්ෂණික දායකත්වය ඇතිව 1986 වසරේදී බණ්ඩාරවෙල කේන්ද්‍ර කරගනිමින් මෙය ආරම්භ කරන ලදී. මහවැලි ප්‍රජා ගුවන්විදුලි ව්‍යාපෘතිය හරහා ලැබූ අත්දැකීම් පදනම් කරගෙන, ග්‍රාමීය ජනතාවගේ හඬට නිසි වේදිකාවක් ලබා දීම මෙහි මූලික අරමුණ විය. ආයතනික මට්ටමින් මෙහෙයවන ලද සාම්ප්‍රදායික ගුවන්විදුලි කලාවෙන් බැහැරව, ජනතාවගේ සහභාගිත්වයෙන්ම පවත්වාගෙන ගිය සැබෑ ප්‍රජා ගුවන්විදුලි ආකෘතියක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. විශේෂයෙන්ම ඌව පළාතේ දුෂ්කර ගම්මානවල වෙසෙන ගොවි ජනතාව සහ වතුකරයේ ශ්‍රමිකයන් මුහුණ දෙන ප්‍රාදේශීය ගැටලු සාකච්ඡා කිරීමටත්, ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාව රැක ගැනීමටත් මෙම සේවය මඟින් සුවිශේෂී ඉඩකඩක් වෙන් කෙරිණි.

2003 වර්ෂයේ සිට ගුවන්විදුලි වැඩසටහන් විකාශය සිදුකරන ඌව ප්‍රජා ගුවන්විදුලියේ ආරම්භක අරමුණ වූයේ ඌව පළාතේ සංවර්ධන සන්නිවේදනය සඳහා මෙවලමක් වීමයි.

ඌව පළාත් සභාව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ විකාශන සහයෝගය මත පවත්වා ගෙන යනු ලබන ඌව ප්‍රජා ගුවන්විදුලිය ආරම්භ කරන ඇත්තේ  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අරමුදල් සහ තාක්ෂණික දායකත්වය ඇතිව වන අතර  තිලක් ජයරත්න, විජයානන්ද ජයවීර වැනි  කීර්තිමත් දේශීය විශේෂඥයින්ගේ සහ විදෙස් සන්නිවේදනඥයින්ගේ මග පෙන්වීම මත ආරම්භ කරන ලද  ප්‍රජා පාදක වැඩසටහන් සරණියක් පවත්වා ගෙන යෑම පසුගිය දහසය වසරක කාලය මුලුල්ලේ ඌව ප්‍රජා ගුවන්විදුලිය ඉටුකළ සුවිශේෂී කාර්ය භාරය අතර වේ .

97.6 MHz ඔස්සේ ඌව ප්‍රජා ගුවන්විදුලිය මේ වනවිට බදුල්ල,මොණරාගල,අම්පාර,⁣මඩකලපුව,පො⁣ළොන්නරුව,දකුණු පළාත,මාතලේ ලග්ගල ඇතැම් ප්‍රදේශ මෙන්ම රත්නපුර දිස්ත්‍රික් ඇතැම් ප්‍රදේශ ආවරණය කරයි.

හපුතලේ සම්ප්‍රේෂණය ඔස්සේ වොට් 2500ක සම්ප්‍රේෂණයක් ඔස්සේ කි.මි 200ක ආසන්න පරාසයක් ආවරණය කරයි.

විශේෂ ලක්ෂණ

​*ජන සහභාගිත්වය:

 සාම්ප්‍රදායික ගුවන්විදුලි සේවාවලට වඩා වෙනස්ව, ප්‍රදේශයේ ජනතාවටම වැඩසටහන් නිෂ්පාදනයට සහ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම මෙහි විශේෂත්වයකි.

​*ප්‍රාදේශීය අනන්‍යතාව: 

ඌව පළාතට ආවේණික වූ සංස්කෘතිය, ජනකවි, සහ ප්‍රාදේශීය ව්‍යවහාරයන්ට මුල් තැනක් දෙන ලදී.

​*ජංගම මැදිරි (Mobile Studios): 

ගම්මාන කරා ගොස් ජනතාව අතර සිට සජීවීව වැඩසටහන් පටිගත කිරීමේ ක්‍රමවේදයක් මෙහි ක්‍රියාත්මක විය.

Thursday, 19 March 2026

 අන්තර් සංස්කෘතික සන්නිවේදනය


සංස්කෘතියක් යන්න සෑම සමාජ පද්ධතියක මිනිසාගේ පැවැත්ම රඳා පවත්නා සාධකයක් වීම තුළ ගතික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස හඳුනාගත හැකිය. සංස්කෘතිය යන කාරණය තුළ භාෂාව පදනම් කර ගැනීමේදී කර මිනිසාගේ සිරිත්, විරිත් චා-රිත්‍ර ආදී ආදී සාධක සම්බන්ධ කරගත් ජීවන රටාවක් එක්ක බැඳී පවත්නා සුවිශේෂී වූ කරුණක් ලෙස මේ "සංස්කෘතිය" යන්න විස්තර කිරීමට ලක් කළ හැකිය.

එඩ්වඩ් ටයිලර් මානව හා සමාජ විද්‍යාඥයා දක්වන ආකාරයට "සංස්කෘතිය දැනුම, ඇදහිලි,විශ්වාස, කලාව, සදාචාරය, නීතිය, සිරිත්-විරිත් හා සමාජයේ සාමාජිකයෙකු වශයෙන් සාක්ෂාත් කරගත් හුරුපුරුදු හා හැකියාවන් ඇතුලත් සංකීර්ණ සමස්තයයි"  යන අදහස මිනිසාගේ ජීවන රටාව හා බැඳී පවත්නා සුවිශේෂී මානව අන්තරය සාධකයක් බව සංස්කෘතිය යන අදහස හරහා ඉදිරිපත් කරවයි. සංස්කෘතිය සීමාසහිත සීමාවන්ට යා නොහැකි දෙයක් ලෙස හඳුනා ගැනීමේදී එය එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට දැනෙන ආකාරය මත වෙනස් වීමකට ලක් වේ. මෙය තවදුරටත් විස්තර කර දැක්වීමේදී හුදු සංස්කෘතියට එක් එක් අයට එය පුද්ගල දැමීමත් සමග එකම සංස්කෘතියක් දෙයාකාරයකින් සංජානනය වීම තුළ හැඟීම් මත පදනම් වේ. සන්නිදර්ශනයක් ලෙස දක්වන්නේ නම් භාෂාව මත පදනම් වීමේ දී සංස්කෘතිය පිළිබඳව කථා බහට ලක් කිරීමේ දී භාෂාව මත සමහර සංස්කෘතීන් වෙනස් වීමකට ලක් විය හැක . එය සංජානනය කාරණාවක් වීමේදී විශේෂයෙන් ලාංකීය කඳුකර ඉන්දීය දෙමළ භාෂාව භාවිත වන සමාජ සංස්කෘතිය ලාංකීය දෙමළ භාෂාව භාවිතා වන සංස්කෘතියෙන් වෙනස් විය හැකි අතර එය ගැඹුරින් අධ්‍යයනයට ලක් කිරීමේ දී, එහි පවත්නා වෙනස හඳුනාගත හැකිය. මෙයට බොහෝ විට ප්‍රධාන හේතුව බවට පත්වන්නේද මහා සංස්කෘතියේ පවත්නා උප සංස්කෘතිමය කාරණා පාදක වීම මතය.

අන්තර් සංස්තික සන්නිවේදනය අවශ්‍ය වීමට හේතු

1.අන්තර් සංස්කෘතික පරිසරයක් තුළ ජීවත් වීමේ දී සන්නිවේදන කටයුතු සදහා අර්ථ බාධා වලින් තොර වීමට

2.අන්තර් සංස්කෘතික අවබෝධය වර්ධනය කර ගැනීමට සහ සංස්තික පරස්පරයන් තුළ මතු විය හැකි ගැටලු අවම කර ගැනීමට

3.සංස්කෘතික ආක්‍රමණයන්,විවරණයන්,හුවමාරු කාර්‍යන් සිදු වන අවස්ථා වල එතුළින් සිදු විය හැකි සාධනීය හා නිෂේධනීය බලපෑම් තේරුම් ගනිමින් විචාරශීලීව කටයුතු කිරීම

4.අන් සංස්කෘතින් වල මෙන්ම ස්වකීය සංස්කෘතියේ ඇති සම විෂමතා මෙන්ම අගයන් හා දුබලතාවයන් අවබෝධ කර ගනිමින් සංස්කෘතික ඒකාකෘතිකරණයට ලක් නොවී සාධනීය හා විවෘත මනසකින් කටයුතු කර ගැනීමට අවශ්‍ය නිපුණතා වර්ධනය කර ගැනීමට

Sunday, 15 March 2026

 රූපවාහිනියේ ගමන් මග


අද වන විට රූපවාහිනීය යනු ඉතා සරල, ලොව පුරා නිවාස, කාර්යාල ආදී ස්ථාන වල බිලියන ගණනක් දෙනා බාවිතා වන අත්‍යවශ්‍යම ඉලෙක්ට්‍රොණික උපාංගයක් බවට පත් වී ඇත. එහෙත් මීට වසර 100 කට පමණ පෙර කාලය සැලකීමේදී  රූපවාහිනිය යනු කුමක්දැයි කිසිවෙකු හෝ දැන සිටියේ නැත. ඇත්ත වශයෙන්ම කිවහොත්,අප අද සෑම දෙනාම රූපවාහිනි යන්ත්‍ර බාවිතා කලද 1947 දී පමණ රූපවාහිනි යන්ත්‍ර බාවිතය සදහා අයිතිය හිමිවූයේ වරප්‍රසාදලත් ඇමරිකානුවන්ට පමණි. නමුත් මෙලෙස ඉතා සුලු පිරිසක් පමණක් භාවිතා කරනු ලැබු මෙම මෙවලම, ඉතා කෙටි කාලයක් තුල විවිධ වෙනස් කම් වලට ලක්වෙමින්  ලොව පුරා  මිනිසුන්ගේ විසිත්ත කාමරයේ  ප්‍රධාන තැනක් හිමි කරගත් මෙවලමක් දක්වා සංවර්ධනය වූයේ  කෙලෙසද?

අප රූපවාහිනීය (TV එක) ලෙස සදහන් කල පමණින් අපට හැගෙන්නේ අප අද භාවිතා කරනු ලබන විදුලියෙන් ක්‍රියාත්මක වන විද්‍යුත් රූපවාහිනීය වේ.එහෙත් රූපවාහිනියේ ඉතිහාසය සොයාගෙන යෑමේදී ප්‍රථම රූපවාහිනීය ලෙස හමුවන්නේ 1800 - 1900 කාල වකවානු වලදී බාවිතාකරන ලද යාන්ත්‍රක රූපවාහිනීය යි.මෙහිදී සිදු කරනු ලබන්නේ යාන්ත්‍රක ක්‍රමයක් මගින් ජායාරූපය ස්කෑන් කිරීම සිදුකර ඉන් අනතුරුව එම රූප තිරයකට සම්ප්‍රේෂණය කිරීම වේ. මේ සදහා මූලික පදනම වැටෙන්නේ  නිප්කෝ විසින් නිර්මාණය කරන ලද විදුලි දුරේක්ෂය මගින් වේ.

නිප්කෝ විසින් සොයාගත් මෙම උපාංගය තව දුරටත් වැඩි දියුණු කර 1920 ගණන් වල මුල් භාගයේදී ස්කොට්ලන්ත ජාතිකයකු වන ජෝන් ලොජි බෙයාඩ් විසින් පළමු වරට වයර් රහිතව රූප යැවීම සිදුකර ඒවා දර්ශනය කල හැකි උපකරනයක් නිර්මාණය කරන ලදී. බෙයාඩ් විසින් මෙම උපකරනය නම් කරනු ලැබුවේ ටෙලිවයිසරය (Baird Televisor) නමින් වේ.

බෙයාඩ් විසින් පර්යේෂණ සිදුකරනු ලැබුවේ චලනය වන දසුන් යම් දුරකට සම්ප්‍රේෂණය කිරීම හා නැවත එම දසුන් තවත් ස්ථානයක සිට ග්‍රහණය කර ඒවා නැවත දර්ෂනය කලහැකි උපකරනයක් නිර්මාණය කිරීම පිළිබදව වේ. මෙහිදී  චලනය වන දසුනක් යම් දුරකට සම්ප්‍රේෂණය කරගැනීමට හැකි උවද මෙම චලන රූප අපහැදිලි ඒවා විය.

ඉන්පසු රුසියානු ජාතික බොරිස් රෝසිං සහ බ්‍රිතාන්‍යය ජාතික ඒ.ඒ. කැම්බල් විසින් බෙයාඩ් විසින් නිර්මාණය කල රූපවාහීනී තාක්ෂණයම උපයෝගී කරගෙන නව රූපවාහිනී පද්ධතියක් නිර්මාණය කළේය.මෙම සොයාගැනීම ද රූපවාහිනී තාක්ෂනයේ ඉදිරි ගමනට මනා පිටුවහලක් විය.

මෙලෙස විවිධ සොයාගැනීම් සිදුකරමින් බෙයාර්ඩ්ගේ තාක්ෂඅද වන විට රූපවාහිනීය යනු ඉතා සරල, ලොව පුරා නිවාස, කාර්යාල ආදී ස්ථාන වල බිලියන ගණනක් දෙනා බාවිතා වන අත්‍යවශ්‍යම ඉලෙක්ට්‍රොණික උපාංගයක් බවට පත් වී ඇත. එහෙත් මීට වසර 100 කට පමණ පෙර කාලය සැලකීමේදී  රූපවාහිනිය යනු කුමක්දැයි කිසිවෙකු හෝ දැන සිටියේ නැත. ඇත්ත වශයෙන්ම කිවහොත්,අප අද සෑම දෙනාම රූපවාහිනි යන්ත්‍ර බාවිතා කලද 1947 දී පමණ රූපවාහිනි යන්ත්‍ර බාවිතය සදහා අයිතිය හිමිවූයේ වරප්‍රසාදලත් ඇමරිකානුවන්ට පමණි. නමුත් මෙලෙස ඉතා සුලු පිරිසක් පමණක් භාවිතා කරනු ලැබු මෙම මෙවලම, ඉතා කෙටි කාලයක් තුල විවිධ වෙනස් කම් වලට ලක්වෙමින්  ලොව පුරා  මිනිසුන්ගේ විසිත්ත කාමරයේ  ප්‍රධාන තැනක් හිමි කරගත් මෙවලමක් දක්වා සංවර්ධනය වූයේ  කෙලෙසද?

මෙලෙස විවිධ සොයාගැනීම් සිදුකරමින් බෙයාර්ඩ්ගේ තාක්ෂණය අනුව රූපවාහිනී සම්ප්‍රේෂණ කටයුතු   1937 පමණ වන තෙක් සිදුවිය. 

බෙයාර්ඩ්ගේ තාක්ෂණය අනුව යාන්ත්‍රිකව සිදු කළ රූපවාහිනී දසුන් සම්ප්‍රේෂණය ඉලෙක්ට්‍රොනික තාක්ෂණය යොදාගෙන ඉතා පහසුවෙන් හා කාර්යක්ෂම සිදුකළ හැකි බව ඉක්මණින්ම සොයා ගැණුනි. එමනිසා බෙයාර්ඩ්ගේ රූපවාහිනී සම්ප්‍රේෂණ ක්‍රමවේදය භාවිතයෙන් අත්හැර ඉලෙක්ට්‍රෝණික තාක්ෂණ ක්‍රමවේදය භාවිතා කරන ලදී. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඉලෙක්ට්‍රෝණික රූපවාහිනීය බිහිවිය. දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාව ට රූපවාහිනිය පැමිණ වසර 46 සම්පූර්ණ විය .

රූප පෙට්ටිය වටා රැස්වන පවුල් අසල් වාසීන්.. අධ්‍යාපනික සංදර්ශන සඳහා ගායනා කරන දරුවන්. ගම්වැසියන් සහ නගරවාසීන් එකම නාට්‍යය නරඹමින්, සිනාසෙමින් සහ එකට අඬමින් ආශ්වාදයක් ලබා ගත්හ.

කළු-සුදු සිට HD දක්වා, ජනප්‍රවාදවල සිට අනාගතවාදී අදහස් දක්වා, ජාතික සිදුවීම්වල සිට එදිනෙදා ජීවිතය දක්වා ,පුළුල් ජාලයක් ලෙස ලොව ම දෙඇස් මානයෙ තබන,ඉතා ප්‍රයෝජන වත්  සංන්නිවේදන උපකරණකි.



Monday, 9 March 2026

 සමීක්ෂණ යනු


■ සමීක්ෂණ යන්න පිළිබඳ ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය ශබ්දකෝෂය සඳහන් කරන්නේ සාමාන්‍ය ජනතාවගේ අදහස් හා හැසිරීම් පිළිබඳ විමර්ශනය කිරීම යනුවෙනි. මෙය සාමාන්‍යයෙන් ඔවුන්ගෙන් ප්‍රශ්න ඇසීම මඟින් සිදු කෙරෙයි.(Oxford Learner's Dictionary) 

■ Survey යන වචනයෙහි අර්ථය ලෙස මලලසේකර ශබ්දකෝෂය දක්වන්නේ, ‘සෝදිසි කරනවා, සමීක්ෂණය කරනවා, සමීක්ෂණය’ යන්න යි.

■ සමීක්‍ෂණය තෝරා ගත් නිශ්චිත භූමි කලාපයක වාසය කරන මිනිසුන්ගෙන් තොරතුරු රැස් කර ගැනීම සඳහා යොදා ගනු ලබන පර්යේෂණ විධි ක්‍රමයකි.

■සමීක්ෂණ යන්න පිළිබඳ ඉදිරිපත් වී ඇති නිර්වචන ඇසුරෙන් තව දුරටත් එහි කාර්ය විග්‍රහ වේ.

“ප්‍රජාවක ක්‍රියාකාරකම් හා ඒවා නිර්මාණය වී ඇති ආකාරය පිළිබඳ ව සමාජ විද්‍යාත්මක ආකල්ප ඔස්සේ විමසා බැලීමේ දී යොදා ගන්නා ප්‍රමාණාත්මක දත්ත එකතු කිරීමේ ක්‍රියාවලියි."  (Mark Abraham)

“සමාජ තත්ත්වයක් හෝ සමාජ ප්‍රශ්නයක් ක්‍රමවත් ව හා විධිමත්ව විග්‍රහ කිරීමේ ක්‍රමය යි.” (Herman N. Morse)

■ ගැටලුවක් හෝ සංසිද්ධියක් පිළිබඳ විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ සොයා බැලීම සඳහා සිදු කරන පර්යේෂණ ක්‍රියාවලියක දී ඊට අදාළ දතත් දායකයන්ගෙන් ඍජු ව ම තොරතුරු ඒකරාශී කර ගැනීම සදහා  භාවිත කරන උපාය මාර්ගයක් ලෙස ද සමීක්‍ෂණ හඳුනා ගත හැකි ය.

■ සමීක්‍ෂණයක් මඟින් පුද්ගලයා ගේ පෞද්ගලකි තොරතුරු, අදහස් මතවාද, යෝජනා, ක්‍රියාකාරකම්, හැසිරීම්, ආකල්ප යනාදි ය පිළිබඳ තොරතුරු (දත්ත) ලබා ගත හැකි ය.

■ සමීක්ෂණ ක්‍රියාවලියක දී සිදු වන්නේ ප්‍රාථමික දත්ත ඒකරාශී කිරීමයි

■ සමකාලීන ගැටලුවක් පිළිබඳ විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ දත්ත ඒකරාශී කිරීම  සමීක්ෂණයකින් සිදු වේ.

සමීක්ෂණයක විධික්‍රම

සමීක්ෂණයකදී දත්ත රැස් කිරීම සදහා විධික්‍රම ගණනාවක් භාවිත කෙරේ.උදාහරණ කිහිපයක් පහත දක්වා ඇත.

1.ප්‍රශ්නාවලි

2.සම්මුඛ සාකච්ජා

3.නිරීක්ෂණ

4.සිද්ධි අධ්‍යනය

සමීක්ෂණ වර්ග

සමීක්ෂණ ක්‍රම පැහැදිලි කරන මූලික සමීක්ෂණ වර්ග 2කි.

1.විස්තරාත්මක සමීක්ෂණ

2.විග්‍රහාත්මක සමීක්ෂණ

සමීක්ෂණ ක්‍රියාවලිය

සමීක්ෂණයක් සිදු කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාවලියක් නැතහොත් පියවර රැසක් පවතී.සමීක්ෂණ ක්‍රියාවලියේ ස්භාවය අනුව එහි පියවර වෙනස් වේ.මූලික වශයෙන් සමීක්ෂණයක් සදහා ඇතුළත් වන පියවර කිහිපයක් පහත දැක්වේ.

1.ගැටලුව හදුනා ගැනීම

2.අරමුණු හදුනා ගැනීම

3.මාතෘකාව තීරණය කිරීම

4.දත්ත රැස් කිරීම

5.දත්ත විශ්ලේෂණය කිරීම

6.නිගමන

7.වාර්තාව ලිවීම


Monday, 2 March 2026

ප්‍රාදේශීය ගුවන්විදුලිය යනු 


ප්‍රාදේශීය ගුවන්විදුලිය යනු නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක් ආවරණය වන පරිදි එම ප්‍රදේශයේ ජනතාවගේ සංස්කෘතික,සමාජීය සහ සංවර්ධන අවශ්‍යතා ඉලක්ක කරගනිමින් ප්‍රවෘත්ති වැඩසටහන් සහ තොරතුරු විකාශය කරන දේශීය මාධ්‍ය සේවාවකි.ප්‍රාදේශීය ගුවන්විදුලි සේවා ප්‍රධාන වශයෙන් ජාතික ගුවන්විදුලියේ අනුබද්ධ සේවා ලෙස කටයුතු කරයි.  ශ්‍රී ලංකාවේ පළමු ප්‍රාදේශීය සේවය 1979 අප්‍රේල් 12 දින ඇරඹි 'රජරට සේවය' වේ.එහි ප්‍රධාන අරමුණු ලෙස දේශීය කලාකරුවන් දිරිගැන්වීම,ප්‍රාදේශීය ප්‍රවෘත්ති වාර්තාකරණය,කෘෂිකාර්මික හා සංවර්ධන තොරතුරු ලබාදීම සහ ප්‍රජා සහභාගීත්වය වර්ධනය කිරීම යනාදිය දැක්විය හැකිය.

එමෙන්ම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව යටතේ රජරට සේවය,මහවැලි සේවය,රුහුණු සේවය,කඳුරට සේවය ආදිය ප්‍රධාන ප්‍රාදේශීය සේවාවන්  ක්‍රියාත්මක වේ.ජාතික මාධ්‍ය මගින් නොවැසෙන ප්‍රාදේශීය ගැටළුසිරිත් විරිත් සහ හඬ මතුකර පෙන්වීමට මෙය බෙහෙවින් උපකාරී වේ. 

ප්‍රාදේශීය ගුවන් විදුලියේ ප්‍රධාන ලක්ෂණ:

*භූගෝලීය සීමාව: එක්තරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට හෝ දිස්ත්‍රික්කයකට පමණක් ආවරණය සීමා වේ (උදා: රජරට සේවයරුහුණු සේවය).

*ප්‍රාදේශීය අනන්‍යතාවය: ප්‍රදේශයේ සංස්කෘතිය ගැමි වහර සාහිත්‍යය සහ සිරිත් විරිත් ප්‍රවර්ධනය කරයි.

*ජනතා සහභාගීත්වය: ප්‍රාදේශීය ජනතාවගේ ගැටළු සහ හඬට ඉඩ ලබා දෙන අතරඔවුන් නිෂ්පාදන ක්‍රියාවලියට සෘජුව දායක කරගනී.

*ආර්ථික හා සමාජීය සංවර්ධනය: කෘෂිකර්මාන්තයසෞඛ්‍යය සහ අධ්‍යාපනය වැනි දේශීය අවශ්‍යතා මුල් කරගත් වැඩසටහන් නිෂ්පාදනය කරයි.

*ක්ෂණික ප්‍රවෘත්ති: ප්‍රාදේශීය මට්ටමේ පුවත් සහ තොරතුරු ක්ෂණිකව වාර්තා කරයි.

*සන්නිවේදකයා සහ ප්‍රජාව අතර සමීපතාවය: නිවේදකයා සහ ශ්‍රාවකයා අතර පවතින්නේ ඉතා සමීප මිත්‍රශීලී සබඳතාවයකි. 

ප්‍රාදේශීය ගුවන්විදුලිය මගින් ජාතික මාධ්‍ය හරහා ආවරණය නොවන ප්‍රජාවන්ගේ හඬ අවදි කිරීමක් සිදු කරයි. 

ප්‍රාදේශීය ගුවන්විදුලියේ ප්‍රධාන අරමුණු

*ප්‍රදේශයේ සංවර්ධනය: කෘෂිකාර්මිකආර්ථික සහ සමාජීය සංවර්ධන ක්‍රියාවලි පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ දිරිගැන්වීම.

*දේශීය අනන්‍යතාවය සුරැකීම: ප්‍රාදේශීය භාෂා ව්‍යවහාරයකලාවසංස්කෘතිය සහ සිරිත් විරිත් ප්‍රවර්ධනය කිරීම.

*තොරතුරු සන්නිවේදනය: ජාතික මට්ටමෙන් සැඟවී යන ප්‍රාදේශීය ප්‍රවෘත්ති සහ තොරතුරු ක්ෂණිකව ප්‍රදේශවාසීන්ට සමීප කිරීම.

*නිර්මාණශීලීත්වය දිරිගැන්වීම: ප්‍රදේශයේ තරුණ පරපුර සතු නිර්මාණාත්මක හැකියාවන් එළිදැක්වීමට වේදිකාවක් සකසා දීම.

*අධ්‍යාපනය සහ දැනුවත් කිරීම: සෞඛ්‍යකෘෂිකර්මය සහ අධ්‍යාපනික කරුණු පිළිබඳව ප්‍රාදේශීය ජනතාව දැනුවත් කිරීම. 


Sunday, 1 March 2026

 ප්‍රජා ගුවන්විදුලිය

ප්‍රජා ගුවන්විදුලිය යනු යම් නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක වෙසෙන,පොදු සමාජ-ආර්ථික උවමනාවන් සහිත ප්‍රජාවක් විසින්ම එම ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලීම උදෙසා පවත්වාගෙන යනු ලබන ගුවන්විදුලි සේවාවකි.එය ලාභය අරමුණු නොකරන ප්‍රජාවේ හඩ,අත්දැකීම් සහ ගැටලු නිරූපණය කරන මාධ්‍යයකි.1981 දී මහවැලි ප්‍රජා ගුවන්විදුලියෙන් ඇරඹි මෙම සේවාවන් කෘෂිකාර්මික හා සමාජයීය සවිබල ගැන්වීම සඳහා වැදගත් වූ අතර කොත්මලේ,ගිරාදුරුකෝට්ටේ, මහඉලුප්පල්ලම හා ඌව ප්‍රජා ගුවන්විදුලි සේවා මුල්කාලීනව ප්‍රචලිත විය.

"කිසියම් භූගෝලීය සීමාවක් තුළ ජීවත් වන කණ්ඩායමක් ලෙස එකිනෙකා නොබෙදුන පොදු සමාජ ආර්ථික තත්වයන් හා උවමනාවන් ඇති පිරිස් උදෙසා පවත්වාගෙන යන ගුවන්විදුලි සේවය " ප්‍රජා ගුවන්විදුලි සේවය වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රජා ගුවන්විදුලි සේවා සහ ලක්ෂණ 

*මහවැලි ප්‍රජා ගුවන්විදුලිය (1981): මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය පසුබිම් කරගෙන ආරම්භ වූ මෙය ගිරාදුරුකෝට්ටේ සහ මහඉළුප්පල්ලම ආශ්‍රිතව කෘෂිකාර්මික හා සෞඛ්‍ය තොරතුරු ලබාදීමට ස්ථාපිත කරන ලදී.

*කොත්මලේ ප්‍රජා ගුවන්විදුලිය (1989): යුනෙස්කෝ ආධාර මත ආරම්භ වූ මෙය අන්තර්ජාල පහසුකම් සහිත පරිගණක මධ්‍යස්ථානයක් ලෙසද පුළුල් විය.

*ඌව ප්‍රජා ගුවන්විදුලිය (2003): ඌව පළාතේ බහු-සංස්කෘතික ජනතාව ඉලක්ක කරගනිමින් කෘෂිකාර්මික හා සංස්කෘතික වැඩසටහන් දියත් කරයි.

*දඹාන රේඩියෝව: ආදිවාසී ජනතාවගේ සංස්කෘතිය හා ජීවන රටාව වෙනුවෙන් ක්‍රියාත්මක වේ. 

ප්‍රජා ගුවන්විදුලියේ කාර්යභාරය:

*සංවර්ධන සන්නිවේදනය: භෝග වගාවපළිබෝධ පාලනය සහ සෞඛ්‍ය උපදෙස් ප්‍රජාව අතරට ගෙන යාම.

*සමාජීය සහභාගීත්වය: ප්‍රාදේශීය ජනතාවට මාධ්‍ය නිෂ්පාදනයට සෘජුවම දායක වීමට අවස්ථාව ලබා දීම.

*අධ්‍යාපනය සහ සංස්කෘතිය: දේශීය කලාසාහිත්‍ය සහ සාමය/සමගිය වර්ධනය කිරීම. 

ප්‍රජා ගුවන්විදුලියේ ප්‍රධාන ලක්ෂණ හා අරමුණු:

*ප්‍රජා සහභාගීත්වය: ප්‍රජාව විසින්ම වැඩසටහන් නිෂ්පාදනය කිරීම සහ කළමනාකරණය කිරීම.

*අධ්‍යාපනය හා සංවර්ධනය: කෘෂිකාර්මික නව දැනුමසෞඛ්‍ය උපදෙස් සහ ග්‍රාමීය ගැටලු විසඳීමට උදවු වීම.

*ලාභ නොලබන ස්වභාවය: වෙළඳ දැන්වීම් වෙනුවට ප්‍රජා සබඳතා හා අධ්‍යාපනික වැඩසටහන්වලට මුල්තැන දීම. 

ප්‍රජා ගුවන්විදුලියේ වත්මන් තත්වය

ශ්‍රී ලංකාවේ ප්‍රජා ගුවන්විදුලිය (මහවැලි,කොත්මලේ,ඌව) ප්‍රජාවගේ සංවර්ධනය හා අධ්‍යාපනය ඉලක්ක කර ගත් සේවාවක් ලෙස ආරම්භ වුවද,වත්මන් තත්වය මූල්‍ය අර්බුද දේශපාලන බලපැම් සහ තාක්ෂණික දියුණුව හමුවේ අභියෝගාත්මක වී ඇත.එනම් යුනෙස්කෝ වැනි ජාත්‍යන්තර ආධාර නැවතීම නිසා මහ ඉලුප්පල්ලම වැනි ගුවන්විදුලි සේවා බිද වැටීමට ලක් වීම.,ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පාලනය යටතේ පැවතීම නිසා දේශපාලන මැදිහත්වීම් ඇති වීම,කොත්මලේ වැනි ප්‍රජා ගුවන්විදුලි ,අන්තර්ජාල හා පරිගණක මධ්‍යස්ථාන ලෙස පුළුල් වෙමින් නවීකරණය වීමට උත්සාහ කිරීම යනාදිය දැක්විය හැකිය. 


Sunday, 22 February 2026

සන්නිවේදන ක්‍රියාවලියේ මූලිකාංග


සන්නිවේදනය යනු අදහස්, තොරතුරු හෝ හැඟීම් හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලියකි.මූලික අංග යනු සන්නිවේදන ක්‍රියාවලියක් සාර්ථක කර ගැනීම සදහා අවශ්‍ය වන අංගයි.ඒ අනුව සන්නිවේදන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සදහා අවශ්‍ය කරන අංග පහතින් දැක්වේ.

සන්නිවේදකයා  

සන්නිවේදන ක්‍රියාවලියේ දී සන්නිවේදකයා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත. සන්නිවේදන ක්‍රියාවලය ආරම්භ වන්නේ සන්නිවේදකයාගෙනි. ඒ අනුව මොනයම් පුද්ගලයෙකුට හෝ පිරිසකට සම්ප්‍රේෂණය කළ යුතු අදහසක් හෝ සිතුවිල්ලක් සන්නිවේදකයා මගින් ඇරඹෙනු ඇත. මෙය තනි පුද්ගලයෙක්, සමූහයක්, ආයතනයක් හෝ සංවිධානයක් විය හැකි ය. 

ආකේතකරණය 

ආකේතකරණය යනු සන්නිවේදනය කිරීමට යම් සිතුවිල්ලක් පහළ වූ පසු එය සංඥා හෝ සංකේත බවට පත් කිරීමයි. ඒ අනුව පංචේන්ද්‍රියට ගෝචර වන ආකාරයට ඇතුලත් කිරීම ආකේතකරණයයි. මෙම ක්‍රියාවලිය සන්නිවේදකයා හා බැඳී ඇති ක්‍රියාවලියකි. (ආකේතකරණය යනු සන්නිවේදකයාගේ ක්‍රියාවයි)

පණිවිඩය/සංදේශය 

යම් කිසි සන්දේශ මූලයක් විසින් සිදු කරනු ලබන, සංදේශනය කරනු ලබන භෞතික මූලය පණිවිඩයයි. ඒ අනුව සන්නිවේදකයා හා ග්‍රාහකයා අතර හුවමාරු වන තොරතුර ලෙසද හැදින්විය හැක. මෙම ක්‍රියාව තව දුරටත් පැහැදිළි කරනු ලබන්නේ නම් “වාචික හෝ අවාචිකව මාධ්‍යයක් ඔස්සේ ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශයේ ‘අන්තර්ගත විෂය’ සංදේශය ලෙසට හැදින්විය හැකිය. මේ ආකාරයට දුරකතන ඇමතුමේ අන්තර්ගතය සංදේශයයි. රූපවාහිනියේ විකාශය වන අන්තර්ගතය සංදේශයයි. 

නාලිකාව 

සංදේශය ග්‍රාහකයා වෙතට ගෙනයනු ලබන මාධ්‍යය නාලිකාව ලෙසට හැදින්වේ. මෙය වෙනත් අරුතකින් හැදින්වුව හොත් වාහකය, මාධ්‍යය, නාලිය හෙවත් චැනලයයි. ප්‍රධාන වශයෙන් මෙම නාලිකාවක කාර්යයභාරය නම් සංදේශයක් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගෙන යාමයි. 

ග්‍රාහකයා 

ග්‍රාහකයා යනු අප ඉදිරිපත් කරන සංදේශයේ අවසාන ඉලක්කයයි. ඒ අනුව ඉදිරිපත් කරනු ලබන සංදේශයක් අවසාන වශයෙන් ලබාගන්නේ ග්‍රාහකයායි. බොහෝ විට ග්‍රාහකයා තනි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විය හැක. 

විකේතකරණය 

විකේතකරණය යනු සන්නිවේදකයා විසින් අන්තර්ගත කරන ලද තොරතුරක් එයින් මුදවා ගැනීමයි. නැත්නම් තේරුම් ගැනීමයි. එම ක්‍රියාවලිය අයත් වන්නේ ග්‍රාහකයාට යි. (විකේතකරණය යනු ග්‍රාහකයාගේ ක්‍රියාවයි)

ප්‍රතිපෝෂණය

ග්‍රාහක ක්‍ෂේත්‍රය විසින් පෙරලා පණිවිඩය නිකුත් කරන ලද මූලාශ්‍රය වෙත දක්වනු ලබන ප්‍රතිචාරය මෙනමින් හැදින්වේ. එය ඇසිය හැකි දැකිය හැකි ආකාරයේ ප්‍රතිචාරයක්. එම ප්‍රතිපෝෂණය එක් අන්තයකින් අවසන් වන්නේ නැත. ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය සාර්ථක සන්නිවේදයක් සඳහා අවශ්‍ය වෙයි. මෙම ප්‍රතිපෝෂණයේ ස්වභාවය අනුව ධනාත්මක ප්‍රතිපෝෂණය, නිෂේධනාත්මක ප්‍රතිපෝෂණය වශයෙන් බෙදිය හැකිය.

ඝෝෂාව 

මෙය සන්නිවේදන මූලිකාංග වල එන තවත් එක් ක්‍රියාවලියකි. සන්නිවේදන බාධා වශයෙන් ද මෙය හැදින්වේ. සන්නිවේදනයේදී සංදේශයක් නියමාකාරයෙන් සම්ප්‍රේෂණය සිදු නොවීමේ ක්‍රියාවලිය ඝෝෂණය වශයෙන් හැදින්fවි. යම් කිසි සංදේශයක විශ්වාසවන්ත භාවය නියමාකාරයෙන් රැකෙන්නේ මෙම ඝෝෂණය අවම වූ විට පමණි. මෙම ඝෝෂණය හෙවත් බාධා කිහිප ආකාරයකට බෙදෙයි.

අර්ථ බාධා

මාධ්‍යය (නාලිකා) බාධා

අත්දැකීම් පසුතලය

එක් එක් පුද්ගලයා සතුවන්නා වූ අත්දැකීම් එකිනෙකට වෙනස් ය. එය සන්නිවේදන මූලය නිකුත් කරනු ලබන සංදේශය වටහා ගැනීමට උපකාරී වේ. අත්දැකීම් පසුතල දෙකක් වූ කල්හී සංදේශය වටහා ගැනීම පහසු නොවේ. පරිසරයන් දෙකක සිටින පුද්ගලයන් දෙදෙනෙකුගේ අත්දැකීම් වෙනස් ය. එම නිසා ඔවුනොවුන්ට සන්නිවේදනය සඳහා බාධා සිදුවිය හැකිය.

සන්දර්භය

සංදේශන ක්‍රියාවලිය සදහා සන්දර්භය ඉවහල් වෙයි. සන්නිවේදන ක්‍රියාවක් සඳහා පරිසරයෙන් සිදුවන දායකත්වය මෙයට නිදසුන් ය. ඇඳුම, භාවිත කරන උපකරණ, පැළඳුම් හා වර්ණ නිල ලාංඡන ආදිය මගින් සන්ධර්භය විදහා දැක්වෙයි. රෝහලක සේවය කරන පුද්ගලයන් අපට වෙන වෙනම හදුනාගත හැක්කේ මෙම සන්ධර්භය නිසාය. සන්ධර්භය ඍජුව ම සන්නිවේදන ක්‍රියාවලියට සම්බන්ධ වෙයි. 

බලපෑම 

සන්නිවේදන මූලිකාංගවල බලපෑම වශයෙන් හැදින්වෙන්නේ සන්නිවේදන ක්‍රියාවලියක පණිවිඩය ග්‍රාහකයා වෙත ලැබීමෙන් පසුව ඇතිකරනු ලබන ප්‍රතිඵලයයි. මෙය සන්නිවේදන ක්‍රියාවලියක අවසන් ප්‍රතිඵලයයි. ඒ අනුව සංදේශ මූලයෙන් ආරම්භ වන සංදේශයක අවසාන ඉලක්කය වන්නේද ග්‍රාහකයා වෙත කරනු ලබන මෙම බලපෑමයි. එය මූල්‍යම, ආකල්පමය, භාවමය, චර්යාමය ආදී වශයෙන් විය හැකිය. නිදසුනක් ලෙස රූපවාහිනී මාධ්‍යයෙන් විකාශය වන දැන්වීමක බලපෑම ග්‍රාහක චර්යාව වෙනස් කිරීම ය. එය සිදු වීම හෝ නොවීම විය හැකිය. කිසියම් බලපෑමක් සන්නිවේදන ක්‍රියාවලියක් හරහා අපේක්‍ෂා කරයි.