ප්‍රජා ගුවන්විදුලිය
ප්‍රජා ගුවන්විදුලිය යනු යම් නිශ්චිත භූගෝලීය ප්‍රදේශයක වෙසෙන,පොදු සමාජ-ආර්ථික උවමනාවන් සහිත ප්‍රජාවක් විසින්ම එම ප්‍රජාවගේ අවශ්‍යතා සපුරාලීම උදෙසා පවත්වාගෙන යනු ලබන ගුවන්විදුලි සේවාවකි.එය ලාභය අරමුණු නොකරන ප්‍රජාවේ හඩ,අත්දැකීම් සහ ගැටලු නිරූපණය කරන මාධ්‍යයකි.1981 දී මහවැලි ප්‍රජා ගුවන්විදුලියෙන් ඇරඹි මෙම සේවාවන් කෘෂිකාර්මික හා සමාජයීය සවිබල ගැන්වීම සඳහා වැදගත් වූ අතර කොත්මලේ,ගිරාදුරුකෝට්ටේ, මහඉලුප්පල්ලම හා ඌව ප්‍රජා ගුවන්විදුලි සේවා මුල්කාලීනව ප්‍රචලිත විය.
"කිසියම් භූගෝලීය සීමාවක් තුළ ජීවත් වන කණ්ඩායමක් ලෙස එකිනෙකා නොබෙදුන පොදු සමාජ ආර්ථික තත්වයන් හා උවමනාවන් ඇති පිරිස් උදෙසා පවත්වාගෙන යන ගුවන්විදුලි සේවය " ප්‍රජා ගුවන්විදුලි සේවය වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රජා ගුවන්විදුලි සේවා සහ ලක්ෂණ
*මහවැලි ප්‍රජා ගුවන්විදුලිය (1981): මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය පසුබිම් කරගෙන ආරම්භ වූ මෙය ගිරාදුරුකෝට්ටේ සහ මහඉළුප්පල්ලම ආශ්‍රිතව කෘෂිකාර්මික හා සෞඛ්‍ය තොරතුරු ලබාදීමට ස්ථාපිත කරන ලදී.
*කොත්මලේ ප්‍රජා ගුවන්විදුලිය (1989): යුනෙස්කෝ ආධාර මත ආරම්භ වූ මෙය අන්තර්ජාල පහසුකම් සහිත පරිගණක මධ්‍යස්ථානයක් ලෙසද පුළුල් විය.
*ඌව ප්‍රජා ගුවන්විදුලිය (2003): ඌව පළාතේ බහු-සංස්කෘතික ජනතාව ඉලක්ක කරගනිමින් කෘෂිකාර්මික හා සංස්කෘතික වැඩසටහන් දියත් කරයි.
*දඹාන රේඩියෝව: ආදිවාසී ජනතාවගේ සංස්කෘතිය හා ජීවන රටාව වෙනුවෙන් ක්‍රියාත්මක වේ.
ප්‍රජා ගුවන්විදුලියේ කාර්යභාරය:
*සංවර්ධන සන්නිවේදනය: භෝග වගාවපළිබෝධ පාලනය සහ සෞඛ්‍ය උපදෙස් ප්‍රජාව අතරට ගෙන යාම.
*සමාජීය සහභාගීත්වය: ප්‍රාදේශීය ජනතාවට මාධ්‍ය නිෂ්පාදනයට සෘජුවම දායක වීමට අවස්ථාව ලබා දීම.
*අධ්‍යාපනය සහ සංස්කෘතිය: දේශීය කලාසාහිත්‍ය සහ සාමය/සමගිය වර්ධනය කිරීම.
ප්‍රජා ගුවන්විදුලියේ ප්‍රධාන ලක්ෂණ හා අරමුණු:
*ප්‍රජා සහභාගීත්වය: ප්‍රජාව විසින්ම වැඩසටහන් නිෂ්පාදනය කිරීම සහ කළමනාකරණය කිරීම.
*අධ්‍යාපනය හා සංවර්ධනය: කෘෂිකාර්මික නව දැනුමසෞඛ්‍ය උපදෙස් සහ ග්‍රාමීය ගැටලු විසඳීමට උදවු වීම.
*ලාභ නොලබන ස්වභාවය: වෙළඳ දැන්වීම් වෙනුවට ප්‍රජා සබඳතා හා අධ්‍යාපනික වැඩසටහන්වලට මුල්තැන දීම.
ප්‍රජා ගුවන්විදුලියේ වත්මන් තත්වය
ශ්‍රී ලංකාවේ ප්‍රජා ගුවන්විදුලිය (මහවැලි,කොත්මලේ,ඌව) ප්‍රජාවගේ සංවර්ධනය හා අධ්‍යාපනය ඉලක්ක කර ගත් සේවාවක් ලෙස ආරම්භ වුවද,වත්මන් තත්වය මූල්‍ය අර්බුද දේශපාලන බලපැම් සහ තාක්ෂණික දියුණුව හමුවේ අභියෝගාත්මක වී ඇත.එනම් යුනෙස්කෝ වැනි ජාත්‍යන්තර ආධාර නැවතීම නිසා මහ ඉලුප්පල්ලම වැනි ගුවන්විදුලි සේවා බිද වැටීමට ලක් වීම.,ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පාලනය යටතේ පැවතීම නිසා දේශපාලන මැදිහත්වීම් ඇති වීම,කොත්මලේ වැනි ප්‍රජා ගුවන්විදුලි ,අන්තර්ජාල හා පරිගණක මධ්‍යස්ථාන ලෙස පුළුල් වෙමින් නවීකරණය වීමට උත්සාහ කිරීම යනාදිය දැක්විය හැකිය.
No comments:
Post a Comment