My Blog List

Sunday, 10 May 2026

 ලොව ජනප්‍රිය ඉලෝන් මස්ක්


ඉලෝන් මස්ක් 1971 ජුනි 28 වෙනිදා දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා නගරයේ දී මෙලොව එළිය දුටුවේය. ඔහුගේ මව කැනේඩියන් ජාතික මෝස්තර ශිල්පිනියක හා පියා ඉන්ජිනේරුවරයෙකු වේ. මෙම පවුල දරුවන් තුන් දෙනෙක්ගෙන් සමන්විත වූ  පවුලේ ඊලෝන් රීව් මස්ක් හට සහෝදරයෙකු හා සහෝදරියක සිටී. කුඩා කල සිටම ලෝකය දෙස වෙනස්ම අයුරකින් දුටු, නවෝත්පාදන කෙරෙහි සිත යොමු වූ ඊලෝන්, වයස අවුරුදු 10 දී පමණ පරිගණක වැඩසටහන් නිර්මාණය කිරීමට ඉගෙන ගත්තේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස අවුරුදු 12 දී ඔහුට ‘බ්ලාස්ටර්’ නැමති පරිගණක ක්‍රිඩාව නිර්මාණය කිරීමට හැකි විය. පසුව ඔහු පාසල් අධ්‍යාපනයෙන් පසු  තවදුරටත් අධ්‍යාපනය ලැබීමට කැනඩාව බලා ගොස් කූයින්ස් විශ්වවිද්‍යාලයට ඇතුළත් වේ. පසුව පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලය වෙත ද යොමු වන ඔහු පශ්චාත් උපාධිය ලබාගැනීමට කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වේ.

ඊලෝන් මස්ක් (Elon Musk) යනු ලොව ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනෙකු වන අතර, Tesla, SpaceX, සහ X (කලින් Twitter) වැනි ප්‍රධාන සමාගම්වල නිර්මාතෘ සහ නායකයා ලෙස ප්‍රසිද්ධ දකුණු අප්‍රිකානු-කැනේඩියානු-ඇමරිකානු ව්‍යාපාරිකයෙකි. ඔහු විද්‍යුත් වාහන, අභ්‍යවකාශ ගවේෂණය, සහ කෘතිම බුද්ධිය වැනි අනාගත තාක්ෂණයන්හි පුරෝගාමියෙකු ලෙස සැලකේ.බොහෝ අය ඉලෝන් මස්ක් ව්‍යාපාර දක්ෂතාවයට ප්‍රශංසා කරන අතර නමුත් ඔහු ලාබ නොලබන සමාගම් වල හිමිකරු බවටද ප්‍රසිද්ධ වී ඇත.

මස්ක් විසින් ආරම්භ කළ තුන්වන සමාගම SpaceX. මේක ආරම්භ කර ඇත්තේ අභ්‍යවකාශ තාක්ෂණ ආයතනයක් ලෙසය. එමෙන්ම මෙය පළමු පුද්ගලික ආයතනයක් විසින් ආරම්භ කළ අභ්‍යවකාශ ආයතනයයි. අද වන විට නාසා ආයතනයේ  වැඩ කිරීමටද ලබා දෙන්නේ මෙම  ආයතනයට යි. මේ වන විට එම ක්ෂේත්‍රයේ නව සොයාගැනීම් රාශියක් සිදු කරමින් විශාල පෙරළියක් කිරීමට මේ සමාගමට හැකි වී ඇත.

ඉතිහාසයේ පළමු වරට පුද්ගලික සමාගමක් අභ්‍යවකාශගත කළ රොකට්ටුව ලෙස ඉතිහාසයට එක්වෙමින් 2012 මැයි 22 වන දින ‘ෆැල්කන් 9’ රොකට්ටුව අභ්‍යවකාශගත කරන ලදී. 2018 පෙබරවාරි වන විට Space X ආයතනය ෆැල්කන් හෙවි රොකට් එක සාර්ථකව අත්හදා බැලීය.. මෙහි දී කලින් ෆැල්කනි 9 යානයේ බූස්ටර් යොදා ගත් බව ද පැවසේ. අතිවිශාල බරකින් යුතු බඩු තොග ගෙන යාමට හැකි වීම මෙහි ඇති විශේෂත්වය යි. 

එමෙන්ම ටෙස්ලා මෝටර්ස් ආයතනය 2003 වර්ෂයේ දි ආරම්භ කළ අතර මෙහි සමාරම්භකයා හා ප්‍රධාන විධායක ධුරය ද දරනුයේ ඊලෝන් මස්ක් විසිනි.මෙම සමාගමේ පරමාර්ථය වන්නේ “මිලදී ගත හැකි ගණනකට ඉලේක්ට්‍ර්ක් වාහන නිපදවීම” යි. මෙම සමාගම ආරම්භ කොට වසර 5කට පසුව පළවෙනි ඉලෙක්ට්‍රික් වාහනය ලෙස 2008 දී ‘ටෙස්ලා රෝඩ්ස්ටර්’ වාහනය එළිදක්වන්නේ ස්පොර්ට් කාර් මාදිලියට අයත් වාහනයක් ලෙස යි. තත්පර 3.7 කාලයක් තුළ දී 0-60 KPMH දක්වා යා හැකි හා එක විද්‍යුත් ආරෝපණයකින් කි.මී. 402ක් පමණ ගමන් කිරීමට මෙම වාහනයට හැකියි.

එම වසරේ අගෝස්තු හි දී හඳුන්වා දුන් Model X වාහනය, 2013 වර්ෂයේ දී CAR OF THE YEAR ලෙස MOTOR TRENDS MAGAZINE මඟින් නම් කෙරෙනවා. 2017 නොවැම්බර් හි දී මස්ක්, ඔවුන් 2019 වන ව්ට නිෂ්පාදනය කිරීමට නියමිත ටෙස්ලා රෝඩ්ස්‍ටර් හා ඉලෙක්ට්‍රික් වාහනය ගැන අනාවරණය කළා. රෝඩ්ස්ටර් මාදිලිය හැතැප්ම 300ක් යා හැකි බවත්, 0-60 දක්වා යාමට ගත වන කාලය තත්පර 1.9ක් ලෙස යි දක්වා තිබේ.

එමෙන්ම Solar City ඊලෝන් මස්ක්ගේ තිරසාර බලශක්ති භාවිතය පිළිබද දැක්මේ ප්‍රතිඵලයක් ලෙස 2006 පටන් ගත් මෙම ආයතනය ඔහුගේ උදව් ඇති ව ඔහුගේ ඥාති සහෝදරයන් විසින් ආරම්භ කරන ලද්දකි. ඔහු මෙහි ප්‍රධාන කොටස්කරුවෙකු වේ. “සෝලර් තාක්ෂණය මඟින් සම්පූර්ණයෙන් බලගැන් වී නිවාස හා ව්‍යාපාර බිහි කිරීම” මෙහි අරමුණ යි.

මේ ආකාරයට ඉලෝන් මස්ක් ලෝකයම වෙනස් කරමින් තම ජීවිතයද සාර්ථක කර ගත් ලෝක ප්‍රකට පුද්ගලයෙකු ලෙස හැදින්විය හැකිය.


 

Friday, 8 May 2026

 වෝල්ට් ඩිස්නි


වෝල්ට් ඩිස්නි උපත ලබන්නේ 1901 දෙසැම්බර් 05 වෙනිදා ඇමරිකාවේ ඉලිනෝයි ප්‍රාන්තයේ චිකාගෝ නුවරයි. පස් දෙනෙකුගෙන් යුක්ත පවුලේ එලියස් ඩිස්නිගේ හා ෆ්ලෝරා ඩිස්නි යන දෙමව්පියන් ට දාව පවුලේ හතර වෙනියා ලෙස වොල්ට් ඩිස්නි උපත ලබයි. වෝල්ට්ගේ උපතෙන් පසු ඩිස්නිගේ පවුලේ අය මිසුරි ප්‍රාන්තයේ මර්සලින් නගරයේ පදිංචියට පැමිණෙයි. ඩිස්නිගේ කුඩා කාලයෙන් බොහෝ කාලයක් මෙහි ගත වී ඇත.මෙහි දී ඩිස්නි තමන් විසින් අඳින ලද සිතුවම් තමන්ගේ අසල්වාසීන්ට හා පවුලේ සමීපතයන්ට විකුණන්න පුරුදු වෙලා සිටියාය. පසුව 1911 දී කැන්සාස් නගරයට ඩිස්නි තම පවුල සමඟ සංක්‍රමණය විය. මෙම නගරයේ දී ඩිස්නි දුම්රියත් සමග විශාල සම්බන්ධතාවයක් ගොඩනගා ගෙන ඇති අතර ගිම්හාන කාලයේ ඔහු දුම්රියේ පුවත්පත් හා කුඩා ආහාර පාන විකුණන්න පුරුදු වී ඇත.එමෙන්ම ඔහු තම ඉගෙනීමේ කටයුතු කර තිබුණේ චිකාගෝ නුවර මැක්කින්ලි  උසස් පාසලේදිය. මෙම පාසලේ ඔහු චිත්‍ර කාලාව හා ඡායාරූප කලාව ඉගෙන ගෙන ඇත. එමෙන්ම ඩිස්නි පාසලේ පුවත් පතේ කාටූන් නිර්මාණ ශිල්පියෙක් ලෙසත් මොහු කටයුතු කර ඇත.

පසුව වෝල්ට් ඩිස්නි  අමෙරිකානු සිනමා අධ්‍යක්ෂවරයක්,තිරරචකයෙක්,හඬ කවන්නෙක්ස,ජීවීකරණ නිර්මාණකරුවෙක් මෙන්ම දාර්ශනිකයක් බවට පත් විය.එමෙන්ම ඇකඩමි සම්මාන උළෙලේ පනස් නව වරක් සම්මානයට නිර්දේශ වූ ඔහු සිය ජීවිත කාලයේදී ඔස්කාර් ගෞරව සම්මාන හතරකට ද, ඔස්කාර් සම්මාන විසි දෙකකට ද හිමිකම් කීවේය. වැඩිම ඇකඩමි සම්මාන ගණනකට හිමිකම් කී සහ නිර්දේශ වුණු පුද්ගලයා වී සිටින්නේ ඔහුය. මේ සියල්ල නිසා වෝල්ට් ඩිස්නි අන්තර් ජාතික සංකේතයක් බවට පත් වී තිබේ.

ඩිස්නි සිය සොයුරා, රෝයි සමඟ කාටුන් චිත්‍රාගාරයක් හොලිවුඩයේ ඇරැඹුවේය. ඔහුගේ ඇලිස් කාටුන් චිත්‍රපට මාලාව ඉතා ජනප්‍රිය වූ අතර වෝල්ට් ඩිස්නි නාමය ද කීර්තියට පත් විය.මිකී මවුස් ඩිස්නි නිර්මාණය කළ ජනප්‍රියම කාටුන් චරිතයකි. තිහේ දසකයේ මිකීගේ චරිතය ලොව පුරා ජනප්‍රිය වූයේ රොකට්ටුවක් ඉහළ යනවාටත් වැඩි වේගයෙනි. මිකී මවුස් නිර්මාණය කිරීම වෙනුවෙන් ඔහු පළමු විශේෂ ඇකඩමි සම්මානය 1932 දී දිනා ගත්තේය. මිකීට හඬ කැව්වේ ද ඔහුමය. කලාවේ ස්වර්ණමය යුගයක් බිහි කළ ඔහුගේ ඊළඟ සිහිනය වූයේ අපූරු උද්‍යානයකි.ඩිස්නි පවුලේ කෞතුකාගාරයේ ඇති ඇකඩමි සම්මාන එකතුව. ඔහු දිනා ඇති මුළු සම්මාන ගණන 248 කි.

වෝල්ට් ඩිස්නිට තම දියණියන් දෙදෙනා උද්‍යානයක සෙල්ලම් කරමින් සිටිනු බලාගෙන සිටිය දී ඔහුගේ සිතේ අපූරු සංකල්පනාවක් ඇති වුණා.“ළමයින්ට සහ මව්පියන්ට එක වගේ විනෝදවිය හැකි අරුම පුදුම සිහින උද්‍යානයක් නිර්මාණය කරන්න පුළුවන් නම්”යැයි ඔහු සිහින මැවීය.

ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ විවිධ ප‍්‍රදේශවල පිහිටුවා තිබුණු විශ්මිත ගොඩනැගිලි නැරඹීය. තෝමස් අල්වා එඩිසන් ගේ විද්‍යාගාරය, රයිට් සහොදරයින්ගේ බයිසිකල් නිෂ්පාදනාගාරය, වෙබ්ස්ටර් ශබ්ද කෝෂයේ නිර්මාතෘ ගේ නිවස ආදී ප‍්‍රකට පුද්ගලයින්ගේ නිපැයුම් සහ ගොඩනැගිලි නරඹමින් වෝල්ට් ඩිස්නි තමන් ගොඩනගන්නට යන සිහිනලන්තයේ ආකෘතිය සිතින් නිර්මාණය කළේය.

පසුව, එය යථාර්ථයක් බවට පත් වූයේය. ‘ඩිස්නිලන්තය’ නම් වූ අපූරු විනෝද උද්‍යානය නිර්මාණය කිරීමට ඔහුට වසර පහක කාලයක් ගත විය. 1955 ජූලි 18 වැනිදා ඩිස්නිලන්තය නිල වශයෙන් විවෘත විය. 


.

Thursday, 7 May 2026

ජීවිතය දිනූ ඔප්රා වින්ෆ්‍රේ 


ඔප්රා වින්ෆ්‍රේ 1954 වසරේදී ඇමරිකාවේ මිසිසිපි හි උපත ලැබුවේ දැඩි දරිද්‍රතාවයෙන් පෙළුණු පවුලකය. ඇයගේ ළමා කාලය අතිශය දුෂ්කර වූ අතර, විවිධ පුද්ගලයන්ගෙන් එල්ල වූ ශාරීරික සහ මානසික පීඩාවන්ට ඇය මුහුණ දුන්නාය. කෙසේ වෙතත්, කුඩා කල සිටම කථිකත්වයට සහ පොත්පත් කියවීමට දැක්වූ සහජ දක්ෂතාවය නිසා ඇයට වයස අවුරුදු 19 දී ගුවන් විදුලි ක්ෂේත්‍රය ඔස්සේ සිය මාධ්‍ය ගමන ආරම්භ කිරීමට අවස්ථාව ලැබුණි. පසුව රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කළ ඇය, තොරතුරු ඉදිරිපත් කිරීමේදී පෙන්වූ සුවිශේෂී හැඟීම්බර විලාසය නිසා ඉක්මනින්ම ජනප්‍රියත්වයට පත් වූවාය.

ඇයගේ විශාල විවේකයක් වූයේ ඔප්රා වින්ෆ්‍රේ ෂෝ සමඟින්, එහිදී ඇය කතා සංදර්ශන සඳහා නව, හෘදයාංගම ශෛලියක් හඳුන්වා දුන් අතර, මානසික සෞඛ්‍යය, අපයෝජනය සහ ස්වයං-වැඩිදියුණු කිරීම වැනි බොහෝ විට නොසලකා හරින මාතෘකා සාකච්ඡා කළාය. ඔප්රාගේ සංවේදී ප්‍රවේශය ප්‍රේක්ෂකයින් සමඟ ගැඹුරින් සම්බන්ධ වූ අතර ඇයගේම රූපවාහිනී ජාලයක් වන OWN හිමිකරගත් පළමු අප්‍රිකානු ඇමරිකානු කාන්තාවන්ගෙන් කෙනෙකු වීමට ඇය හේතු විය.

තවද ඇය සන්නිවේදනයට පමණක් සීමා නොවූ ඇය, 'Harpo Productions' නම් සමාගම හරහා ප්‍රබල ව්‍යාපාරික කාන්තාවක් ලෙස නැගී සිටියාය. ඇය තමන්ගේම රූපවාහිනී නාලිකාවක් (OWN) ආරම්භ කළ අතර, සිනමා නිළියක ලෙස "The Color Purple" වැනි චිත්‍රපට හරහා විචාරක පැසසුම් සහ සම්මාන රැසක් දිනා ගත්තාය. මීට අමතරව, ඇයගේ "Oprah's Book Club" වැඩසටහන හරහා ලෝකයේ කියවීමේ රුචිකත්වය ඉහළ නැංවීමටත්, අප්‍රසිද්ධ ලේඛකයන්ව ජාත්‍යන්තර තලයට ගෙන ඒමටත් ඇය සුවිශේෂී මෙහෙවරක් ඉටු කළාය.1996 දී ඇය ආරම්භ කළ 'Oprah's Book Club' වැඩසටහන ලෝක ප්‍රකාශන ක්ෂේත්‍රයේ විශාල විප්ලවයක් කළේය. එනම් ඇය යම් පොතක් කියවීමට නිර්දේශ කළහොත්, එම පොත එක රැයකින් ලොව වැඩියෙන්ම අලෙවි වන පොත් අතරට පත්වෙයි. මෙය ක්ෂේත්‍රය තුළ හැඳින්වෙන්නේ "ඔප්රා ආචරණය" ලෙසයි. එමඟින් ඇය සාමාන්‍ය ජනතාව අතර සාහිත්‍යය ප්‍රචලිත කිරීමටත්, විශේෂයෙන්ම අප්‍රිකානු-ඇමරිකානු ලේඛකයන්ගේ කෘති ජාත්‍යන්තරයට ගෙන යාමටත් මූලිකත්වය ගත්තාය.

එමෙන්ම ඇයගේ වැඩසටහන්වල මුල් කාලයේදී අනෙක් 'Talk Shows' මෙන්ම තරමක් ආන්දෝලනාත්මක මාතෘකා සාකච්ඡා කළද, පසුව ඇය දැනුවත්වම සිය වැඩසටහනේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට තීරණය කළාය. "අපකීර්තිමත්" මාතෘකා වෙනුවට මිනිසුන්ගේ ආත්ම අභිමානය නංවන, අධ්‍යාපනික සහ ධනාත්මක අන්තර්ගතයන් කෙරෙහි ඇය අවධානය යොමු කළාය. මාධ්‍යකරණය යනු හුදෙක් විනෝදාස්වාදය පමණක් නොව, එය සමාජය යහපත් අතට හැරවිය හැකි මෙවලමක් බව ඇය ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වීය.
මාධ්‍යයෙන් ඔබ්බට, ඔප්රා දකුණු අප්‍රිකාවේ ගැහැණු ළමයින් සඳහා පාසලක් ගොඩනැගීම ඇතුළුව අධ්‍යාපනයට සහ පරිත්‍යාගශීලීත්වයට සහාය වීමට ඇගේ බලපෑම භාවිතා කර ඇත. ඇයගේ  හැකියාව, කරුණාව සහ අවබෝධයේ බලය ලොව පුරා මාධ්‍ය සහ සමාජ ගැටලු කෙරෙහි  බලපෑමක් ඇති කරයි.
වර්තමානය වන විට ඔප්රා වින්ෆ්‍රේ යනු ලොව ධනවත්ම සහ බලපෑම් සහගතම කළු ජාතික කාන්තාවකි. ඇය තමන් උපයන ධනය අධ්‍යාපනය සහ මානුෂීය කටයුතු වෙනුවෙන් විශාල වශයෙන් පරිත්‍යාග කරයි. විශේෂයෙන්ම දකුණු අප්‍රිකාවේ දැරියන්ගේ අධ්‍යාපනය නංවාලීම සඳහා ඇය පිහිටුවූ ඇකඩමිය ඇයගේ දානපති මෙහෙවරට කදිම උදාහරණයකි.  එනම් ඔප්රා යනු ලොව සාර්ථකම පෞද්ගලික සන්නාමයක්ගොඩනගාගත් කාන්තාවකි. ඇය තමන්ගේම සඟරාවක් (O, The Oprah Magazine) ප්‍රකාශයට පත් කළ අතර, සෑම කවරයකම ඇයගේ ඡායාරූපය භාවිතා කිරීමෙන් ඇය සහ ප්‍රේක්ෂකයා අතර පවතින සමීපතාවය තවදුරටත් තහවුරු කළාය.දුෂ්කරතාවලින් පිරුණු අතීතයක් උරුම කරගෙන පැමිණ, ලොව වටා සිටින මිලියන සංඛ්‍යාත ජනයාට තම අභ්‍යන්තර ශක්තියෙන් නැගී සිටීමට ඇය අදටත් මහා පූර්වාදර්ශයක් සපයන්නීය. 








Wednesday, 6 May 2026

 සිනමාවේ ඉතිහාසය 


චිත්‍රපට ඉතිහාසය, 19 වැනි සියවසේ අග භාගයේ සිට 21 වැනි සියවසේ ආරම්භය දක්වා අවුරුදු සිය ගණනකට විහිද යයි. චිත්‍රපට කලාව මූලාරම්භයේ සිට ක්‍රම ක්‍රමයෙන් සන්නිවේදනයේ සහ රසාස්වාදයේ අංගයක් ලෙස මෙන්ම 20 වන සියවසේ ජන සන්නිවේදනයේ වැදගත් අංගයක් ලෙසද වර්ධනය විය. චිත්‍රපට මඟින් කලාව, තාක්ෂණය සහ දේශපාලනය යන අංශ වෙත සැලකිය යුතු බලපෑමක් එල්ල කරයි. චිත්‍රපටියේ උපත ලුවිස් ලී ප්‍රින්ස් විසින් 1888 ඔක්තෝබර් 14 වැනි දින එංගලන්තයේ, බටහිර යෝක්ෂයේ, ලීඩ්ස්, රවුන්ඩ්හේ හි දී චිත්‍රපටයට නගන ලද “රවුන්ඩ්හේ ගාඩ්න් සීන්” නිපදවීමත් සමඟ (Roundhay Garden Scene,) සිදුවිය. දැනට ඉතිරි වී ඇති මුල්ම චිත්‍රපටය ලෙස පොදුවේ මෙය පිළිගැනේ. 1878 දී ලේලන්ඩ් ස්ටෑන්ෆෝර්ඩ්ගේ අනුග්‍රාහකත්වය යටතේ, එඩ්වඩ් මයිබ්‍රිජ් විසින් “ඔසිඩන්ට්” නැමැති අශ්වයෙකුගේ වේග චලන, ත්‍රිමානේක්ෂ කැමරා 12 ක ශ්‍රේණියක් භාවිතා කර කැමරාගත කරනු ලැබීය. මෙම ප්‍රථම අත්දැකීම ජුනි 11 වැනි දින කැලිෆෝනියාවේ පැලෝ ඇල්ටෝ ගොවිපලේ දී සිදු කෙරුණි. මෙහි කැමරා, අශ්වයාට සමාන්තර මාර්ගයක සකසා තිබුණ අතර, සෑම කැමරා පියනක්ම අශ්වයාගේ කුරවලින් ප්‍රේරණය වන පැන්නුම් කම්බියකින් පාලනය කරන ලදී. මෙහි අශ්වයාගේ ධාවන අඩි 20ක් ආවරණය කිරීම සඳහා වෙනම කැමරාවක් තිබූ අතර තත්පරයෙන් දහසෙන් එකක් වැනි අවස්ථා පවා ඡායාරූපයට නගන ලදී. 1893 දී චිකාගෝහි ලෝක කොලොම්බියානු ප්‍රදර්ශනයේ දී, මයිබ්‍රිජ් විසින්, සත්ව සංචාරණය පිළිබඳ දේශන මාලාවක් පවත්වනු ලැබීය. එම දේශන මාලාව ප්‍රදර්ශනය කළ “Midway Plaisance" ශාඛාව ඒ ප්‍රථම වානිජ සිනමා ශාලාව බවට පත් කෙරිණි. පසුව ඔහුගේ “zoopraxiscope” උපකරණය භාවිත කරමින් ඔහුගේ චලන චිත්‍රයන් මහජනතාවගෙන් මුදල් අයකර ප්‍රදර්ශණය කරනු ලැබීය.

සිංහල සිනමාවට, මෙම 2013 වසරේ හැට පස්‌ වසරක්‌ සපිරෙන්නේ යෑයි සතුටින් සමරන්නෙමු. එසේ ගණිනු ලබන්නේ පළමුවැනි සිංහල කතා නාද වෘතාන්ත චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය සඳහා තිරගතවූ 1947 ජනවාරි 21 වැනිදා පටන්ය. ඉකුත් විසිවැනි සියවසේ මුල් කාලයේ රට පුරා ජනප්‍රිය නාට්‍යයක්‌ව වැජැඹුණු මීගමුවේ මිනර්වා නාට්‍ය සංගමයේ 'කඩවුණු පොරොන්දුව' නාට්‍යය එනමින්ම චිත්‍රපටයක්‌ ලෙස නිපදවා තිරගත කිරීමෙන් 'ප්‍රථම සිංහල චිත්‍රපටය' යන නාමය ඉතිහාස ගතවිය.

චිත්‍රකලා මුවිටෝන් නමින් සමාගමක්‌ පිහිටුවා ගෙන 'කඩවුණු පොරොන්දුව සිංහල චිත්‍රපට වෘතාන්තය නිෂ්පාදනය කළ ක¹නේ එස්‌. එම්. නායගම් (සුන්දරම් පිල්ලෙයි මදුර නායගම්) 'සිංහල සිනමාවේ පියා' යෑයි විරුදාවලිය හිමිකර ගත්තේය. 'කඩවුණු පොරොන්දුව' අධ්‍යක්‍ෂණය කළ ෙ-. සිංහ (ජෝතිත් සිං) හෙවත් ජෝතිෂ් සිංහ ප්‍රථම සිංහල චිත්‍රපට අධ්‍යක්‍ෂවරයා විය. ඒ කාලයේ ඉන්දියාවේ ජනප්‍රිය අධ්‍යක්‍ෂවරයකුව සිටි ජෝතිත්. සිං බෙංගාල ජාතිකයෙකි.

Monday, 4 May 2026

 මාධ්‍ය නියාමන ආයතන සහ ඒවායේ කාර්යභාරය


1.ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය

1912 ඉංග්‍රීසි යටත් විජිත පාලන සමයේ පනවන ලද තීරණයකින් ආරම්භ වූ ක්‍රියාවලියකි.සංදර්ශන,ප්‍රසංග හා චිත්‍රපට යනාදිය මහජන ප්‍රදර්ශනයට පෙර නිරීක්‍ෂණය කර ඊට අදාළ නියාමන කටයුතුවල යෙදීම මෙහි මූලික අරමුණ විය.

1951 අංක 23 දරන පනතින් ඒ ක්‍රියාවලිය සිදුකිරීමට ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය ස්ථාපනය කරන ලදී.මෙහි කටයුතු ලෙස වඩාත් සාකච්ඡාවට ලක්වන්නේ චිත්‍රපට ශාලාවලට මුදා හැරීමේදී නිකුත් කරන සහතිකයට අදාළව U,X සහ A යන වර්ගීකරණය චිත්‍රපට සඳහා ලබාදීම මෙන්ම මණ්ඩලය මගින් කලින් කලට සකස් කරනු ලබන මාර්ගෝපදේශ සංග්‍රහයට අනුව චිත්‍රපටවල දෙබස් තෝරා ගත් දර්ශන ඉවත් කිරීම යනාදියයි.ඇතැම් විටක චිත්‍රපට පූර්ණ ලෙස වාරණයට ලක් කිරීමටද පියවර ගැනේ.

"U"සහතිකය - අසීමාන්ත මහජන ප්‍රදර්ශනයට සුදුසුය.කිසිම බාධාවකින් තොරව සෑම කෙනෙකුටම නැරඹිය                                 හැකිය.
"X" සහතිකය - වැඩිහිටියන්ට පමණක් සුදුසුය.අවුරුදු 18ට වැඩි ඕනෑම කෙනෙකුට නැරඹිය හැකිය.
"A" සහතිකය - වැඩිහිටියන්ට වඩාත් සුදුසුය.වැඩිහිටියන් සමග පැමිණෙන වයස අවුරුදු18 ට අඩු ළමයින්ටද                                 නැරඹියය හැකිය.

පනතට අනුව රැගුම්පාලක මණ්ඩලයට සාමාජිකයන් පත් කිරීම අදාළ විෂය භාර ඇමතිවරයාගේ කටයුත්තකි.එහෙත් එක් එක් කාලසීමාවල මණ්ඩලයට සාමාජිකයන් පත් කිරීමට කටයුතු නොකර තනි පුද්ගලයෙකු (සභාපති) යටතේ ක්‍රියාත්මක වූ අවස්ථාද දක්නට ලැබේ.

2.ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය

ශ්‍රී ලංකාවේ පුවත්පත් මාධ්‍ය නියාමනය සඳහා පිහිටුවා ඇති රාජ්‍ය ආයතනයයි.1973 අංක 05 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත යටතේ මෙය පවත්වාගෙන යනු ලබයි.පුවත්පත්වල වෘත්තීය තත්ත්වය ඉහළ නැංවීම,පුවත්පත් නිදහස ආරක්ෂා කිරීම,පුවත්පත් ආචාර ධර්ම පවත්වාගෙන යාම සහ පුරවැසි අයිතිවාසිකම් පිළිබඳ හැඟීමක් ඇති කිරීම ඇතුළු පරමාර්ථ ගණනාවක් මුල් කරගනිමින් මණ්ඩලය පිහිටුවා තිබේ.

පුවත්පත් මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරියාවන්නේ එහිි කොමසාරිස්වරයාය.එහි සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි.ඒ සඳහා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරු නිල බලයෙන්පත් කෙරෙති.පුවත්පත් මණ්ඩලය යටතේ 1981 දී ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති ආචාර ධර්ම මාලාවට ඇතුළත් පුවත්පත් ආචාර ධර්ම කඩ කිරීම පිළිබඳ මහජන පැමිණි විභාග කරනු ලබන්නේ සභාපතිවරයා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය විසිනි.පුවත්පත්වල ආචාර ධර්ම කඩ කිරීම පිළිබඳ විභාග කර තීන්දු ප්‍රකාශයට පත් කළ හැකි අතර මේ පනත මගින් මණ්ඩලයට අධිකරණ බලතල අර්ධ වශයෙන් ලබා දී තිබේ.

පුවත්පත් කොමසාරිස්වරයා මණ්ඩලයේ පරිපාලන කටයුතු මෙහෙයවන අතර පුවත්පත් පරීක්‍ෂණය කර ඒවායේ ඇති ආචාර ධර්ම කඩවන අවස්ථා පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩලයේ අවධානය යොමු කිරීමටද කොමසාරිස්වරයාට හැකියාව ඇත.මෙරට ප්‍රකාශයට පත්වන සෑම පුවත්පතක්ම වාර්ෂිකව මණ්ඩලයේ ලියාපදිංචි විය යුතුය.මේ අනුව 2018 වසරේදී පුවත්පතක් ලියාපදිංචි කර තිබේ.

3.ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව

1996 අංක 27 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත යටතේ ස්ථාපිත ආයතනයකි.විදුලි සංදේශ නියාමන ආයතනය ලෙස විදුලි සංදේශ හා විදුලි සංදේශ කර්මාන්තයේේ නියාමනය,මහජන අයිති ආරක්ෂා කිරීම ආදිය මේ යටතේ සිදු කෙරේ.විදුලි සංදේශ සේවා සැපයීමේදී මෙන්ම ඊට අදාළ උපාංගවල ගුණාත්මක භාවය පිළිබඳ කටයුතු කිරීමේදී නව විදුලි සංදේශ ක්‍රමෝපාය ප්‍රවර්ධනය කිරීම කොමිසමේ අරමුණු අතර වේ.ගුවන් විදුලි සහ රූපවාහිනී විකාශ සඳහා සංඛ්‍යාත පද්ධති බෙදා දීම මෙමගින් සිදුවන කාර්යයකි.ජංගම දුරකථන භාවිතයේ ග්‍රාහකයන්ට මතුවන ගැටලු පිළිබඳ පැමිණිලි කිරීමටත් ඊට අදාළ මෙහෙයුම් කටයුතු සිදුකර විසඳුම් ලබාදීමටත් කොමිසම බැඳී සිටියි.ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන කොමිසමේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රතිපත්ති තීරණ ගනු ලබන අතර අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ පරිපාලන කටයුතු සිදු කෙරේ.

4.ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම

ශ්‍රී ලංකා කර්තෘ සංසදය,නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, පුවත්පත් ප්‍රකාශකයන්ගේ සංගමය යන ආයතන ඒකාබද්ධව පිහිට වූ ස්වයං නියාමන ආයතනයකි.ශ්‍රී ලංකා පුවත්පත ආයතනයට අනුබද්ධව 2003 වසරේදී පිහිටවනු ලැබීය.ශ්‍රීලංකාා කර්තෘ සංසදය මගින් ප්‍රකාශයට පත්කර ඇති වෘත්තීය මාර්ගෝපදේශ සංග්‍රහය යටතේ පුවත්පත් මගින් සිදුවන ආචාර ධර්ම කඩ කිරීම් පිළිබඳ පැමිණිලි මේ කොමිසම වෙත ඉදිරිපත් කළ හැකිය.මහජනතාවගෙන් ලිඛිතව ලැබෙන පැමිණිලි ඒ ඒ පුවත්පත් වෙත යොමු කර ඊට අදාළ කරුණු විමසා බලා නිවැරදි කිරීමක් පළකිරීමට ඉල්ලීම් කිරීමත් කොමිසම මගින් සිදු කරනු ලැබේ.පැමිණිලි විභාග කිරීමට පුවත්පත් මාධ්‍ය මෙන්ම වෙනත් ක්ෂේත්‍රවලට අයත් විද්වතුන්ගෙන් සමන්විත මණ්ඩලයක් පත්කර තිබේ.

5.ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය විසින් Information and Communication Technology Agency - ICTA යටතේ 2006 වසරේදී පිහිටුවන ලද ආයතනයකි.රටේ ජාතික සයිබර් ආරක්ෂණ ආයතනය වශයෙන් ක්‍රියාත්මක වෙමින් විවිධ සංවිධාන හා පුද්ගලයන් විසින් සිදු කරනු ලබන සයිබර් අපරාධ සඳහා කඩිනම් ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරයි.

පරිගණක භාවිතය මගින් සිදු කෙරේ.මූල්‍ය හා වෙනත් අපරාධ පිළිබඳවත්,ත්‍රස්තවාදී සංවිධානවල ක්‍රියාකාරිත්වයට එරෙහිව දැනුවත් කිරීම පිළිබඳවත්,අනතුරු ඇඟවීම හා විසඳුම් ලබාදීම මෙහි කාර්ය සේ දැක්විය හැකිය.පරිගණක ආශ්‍රිත ගැටලු සම්බන්ධයෙන් වන මහජන පැමිණිලි විමර්ශනය කර ඊට අදාළ විසඳුම් සැපයීම මෙමගින් සිදු කරනු ලැබේ.සමාජ මාධ්‍ය ජාල වලට අදාල ව්‍යාජ ගිණුම් පිළිබඳ පැමිණිලි වැඩි වශයෙන් මේ ආයතනය වෙත යොමුවන බව පෙනේ.

Sunday, 3 May 2026

 නව මාධ්‍ය හඳුනා ගනිමු.


නව මාධ්‍යය යනු අංකිත තාක්ෂණය ඔස්සේ තොරතුරු අංකිත කිරීම, ශබ්දය, වචන, දත්ත ග්‍රැෆික්ස්, චිත්‍ර, රූප වීඩියෝ හකුළුවා ඒවා ඉතා පහසුවෙන් පිටපත් කර අඩු පිරිවැයක් යටතේ ඉතා වේගයෙන් බෙදා හැරිය හැකි මාධ්‍යයි.මෙම දත්ත,හඬ,ශබ්ද බින්දුවත් එකත් අතර අංකිත තාක්ෂණ ක්‍රමවේදයන්ට හකුළුවා දැක්විය හැකිය.

නව මාධ්‍ය දුරකථනය හා අන්තර්ජාලය ඔස්සේ බිහි වූවකි.දුරකථනය ප්‍රධාන වශයෙන් කටහඬ හා සංඥා මත රැඳී පවතී.රැහැන් සහිත දුරකථන ක්‍රියාවලිය මේ වනවිට රැහැන් රහිත වී ඇති අතර එය අන්කිත දුරකථන තාක්ෂණය දක්වා වර්ධනය වී .ඇත

එමගින් දුරකථන ජාලයේ කාර්ය ,ශක්‍යතාව සහ ගුණාත්මක බව වැඩිදියුණු විය.මෙම ක්‍රියාවලියේදී සෙලියුලර් ජාල සමාජය (IG) digital දුරකථන ජාල සමාජය (TG) අතිවේග දත්ත ජාල සමාජය හා බ්‍රෝඩ් බ්‍රෑන්ඩ් ජංගම දුරකතන තාක්ෂණය (3G) ALL-IP ජාල සමාජය  (4G) දක්වා මෙන්ම චන්ද්‍රිකා තාක්ෂණික දුරකථන සන්නිවේදනය දක්වා ද දක්වාද වර්ධනය වීම දැකගත හැකිය.

අන්තර්ජාලය නව මාධ්‍යයක් ලෙස සැලකිය හැකි වන්නේ එමගින් ජාලගත වේගවත් තොරතුරු හුවමාරුවක් සිදුවන බැවිනි. 1960 දශකයේ පරිගණකය ආශ්‍රයෙන් එකිනෙකා අතර විශේෂයෙන් පර්යේෂණ පදනම් කරගෙන විද්‍යාව සම්බන්ධ තොරතුරු සන්සරණය හා යුද හමුදා ක්ෂේත්‍රවලට අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීමට ගත් උත්සාහයේ ප්‍රතිඵල ලෙස මෙය බිහි විය.නව මාධ්‍ය බිහිවීම සඳහා පාදක වූ ආර්ථික,සමාජ,දේශපාලන,තාක්ෂණය ආදී ක්ෂේත්‍රවල වෙනස්කම් බලපා ඇත.ඒ අතර තොරතුරු තාක්ෂණයේ දිගුවීම ප්‍රධාන වේ.

ටිම් බර්නස් ලී (Tim Berners Lee) විසින් ලෝක ව්‍යාප්ත ජාලය (World Wide Web - www) පිළිබඳ අදහස ඉදිරිපත් කිරීමත් සමග සමඟ නව මාධ්‍යයේ වර්ධනය වේගවත් විය.මීට අමතරව අභිසාරිතා සංකල්පය ගොඩනැගීමද ගොඩනැගීමද මීට හේතු වී තිබේ.නව මාධ්‍ය ඇතිවීමත් සමග ඇති වූ මෙම විපර්යාසයන් අධ්‍යයනය කළ විද්වතුන් අතර,

1.මාර්ෂල් මැක්ලුහන්

2.ෆෙඩ්රික් කෙට්ලර්

3.බර්නාඩ් ස්ටෙග්ලර්

4.මැනුවෙල් කැස්ටෙල් ආදීහු වෙති. මොවුන් නව මාධ්‍ය බිහිවීම,විකාශය,අන්තර්ගතය,එහි බලපෑම පිළිබඳ අධ්‍යයනය කර ඇත.

නව මාධ්‍ය ලක්ෂණ

1.අංකිතකරණය

අංකිතකරණය යනු අංකිත තාක්ෂණයේඒකාබද්ධතාවයයි. දෛනික ජීවිතයේ සමස්ත ක්‍රියාකාරීත්වය සමඟ අංකිත තාක්ෂණය බැඳී පවතී. තාක්ෂණයට නතුව පවතින ලෝකයේ සංවර්ධනය අංකිතකරණය මගින් විද්‍යමාන වේ.1හෝ 0 යන ද්විමය සංඛ්‍යා ලෙස දැක්වෙන පරිගණක භාෂාව ඔස්සේ අවශ්‍ය දත්ත පහසුවෙන් ලබා ගැනීමට හැකිවන ආකාරයට පරිගණකගත කිරීම මෙමගින් සිදුවේ.

උපකරණ-පරිගණක,smart watch, ඩිජිටල් කැමරා, ඩිජිටල් මීටර්

2.ජාලගතකරණය

තොරතුරු ජාලා එකිනෙකට සම්බන්ධ කිරීම ජාලගතකරණයයි.ස්ථානීය ක්ෂේත්‍ර ජාලගතකරණය (LAN) හා පුළුල් ක්ෂේත්‍ර (WAN) ජාලගත කරනය මූලික අවස්ථාව වෙයි.පුළුල් විස්තීරණ ජාලගතකරණය (WWW)  ලෙස ලෝක ව්‍යාප්ත ජාලගතකරණය සඳහන් කළ හැකිය.

3.අධිපාඨනීයත්වය

විද්‍යුත් සම්බන්ධතා භාවිතා කරමින් එක් පඨිතයක් වෙතින් වෙනත් පටිතයක් වෙත ළඟා වීමට ඇති සබඳතාව අධිපාඨනීයත්වයයි.මෙම පඨිතයන් එකිනෙක හා බැඳී පවතින නිසා පුළුල් පටිත කරා ළඟාවීමට හැකිවීම මෙහි ඇති වාසිදායකක තත්ත්වයයි.උදාහරණ ලෙස මාර්ගගත දත්ත පටිතයක සම්බන්ධ මගින් විවිධ තොරතුරු මූලයන්ට ළඟා වීමට ඇති හැකියාව දැක්විය හැකිය.

4.ස්වයංකරණය

ස්වයංකරණය යනු නව තාක්ෂණය උපයෝගී කරගෙන දත්ත හුවමාරු කර ගැනීම සඳහා භාවිත ස්වයංක්‍රීය ක්‍රියාවලියකි.පූර්ව උපදේශවලට අනුව සක්‍රීය වන සෘජු මානව එළවමකින් තොරව ග්‍රාහකයා වෙත පණිවිඩ හුවමාරුව සඳහා උපයෝගී කරගනු ලබන ක්‍රියාවලියකි.නව මාධ්‍ය තුළට යම් තොරතුරක් ඇතුල් කළ පමණින් එය ජාලගත සම්බන්ධතා සහිත අති විශාල ග්‍රාහක ප්‍රමාණයකට එසැණින්ම ස්වයංක්‍රීයව සම්ප්‍රේෂණය වේ.

5.දත්ත සංචිතකරණය

මූලික දත්ත එකතුවයි.පරිගණක විධික්‍රම වලට අනුව ලබා ගැනීමට හැකිවන ආකාරයෙන් දත්ත ගබඩා කර තිබේ.ඒ සඳහා අවශ්‍ය වන්නේ ඉතා සීමිත ඉඩකඩකි.දත්ත සංචිතකරණය සංකීර්ණ ස්වභාවයකින් යුක්තය.මෙම සංචිතවලින් අවශ්‍ය පුද්ගලයකුට දත්ත ලබාගත හැකිය.

6.වේගවත් සංදේශකරණය

නව මාධ්‍ය අතිශය වේගයෙන් සන්නිවේදන පණිවිඩ හුවමාරු කිරීමේ ශක්‍යතාවයෙන් යුක්තය.එය අන්තර්ජාලගතකරණය කළ වහා අදාළ ග්‍රාහක ඉලක්ක වෙත වේගයෙන් ගලා ගෙන යයි.එම ගලා යෑම සඳහා දේශසීමා මායිම් නැත.ඒ නිසා නව මාධ්‍ය විශ්වීය පරාසය දක්වා තම තොරතුරු සම්ප්‍රේෂණය කරයි.නව මාධ්‍ය අවකාශය තුළ අති විශාල ග්‍රාහක සංඛ්‍යාවක් ජාලගත කර ගනිමින් තොරතුරු බෙදා හැරීමට,ග්‍රහණය කර ගැනීමට හැකිව තිබේ.

Thursday, 30 April 2026

ප්‍රකාශන හිමිකම පිළිබද තොරතුරු



ප්‍රකාශන හිමිකම යනු මුල් නිර්මාණකරුගේ නිර්මාණ කාර්යයක් ප්‍රතිනිර්මාණය කිරීමට හෝ ප්‍රතිනිර්මාණය වැලැක්වීමට මුල් නිර්මාණකරුට ඇති අයිතියක් ලෙස හඳුන්වාදිය හැකිය. මෙය ආර්ථිකය හිමිකම සහ සදාචාරාත්මක හිමිකම ලෙස දෙයාකාර වෙයි. මෙකී ප්‍රකාශන හිමිකම ප්‍රංශ විප්ලවයෙන් පසු ඉස්මතු වූ කර්තෘවරුන්ගේ අයිතිය නම් මානව හිමිකමෙන් පරිණාමය වූවකි. පසු කාලීනව 'ශාස්ත්‍රීය හා කලාත්මක කෘතීන් ආරක්ෂා කිරීමේ බර්න් සම්මුතියේ' දී මෙම 'ප්‍රකාශන හිමිකම' යන පදය මුලින්ම භාවිතා කරන ලදී.  ප්‍රකාශන හිමිකම මගින් ආරක්ෂා කරනුයේ මුල් කෘති පමණක් වන අතර එම කෘතීන් කර්තෘවරයාගේ මහන්සියේ සහ කුසලතාව ප්‍රතිඵලයක් විය යුතු වේ. එනම් බුද්ධිය මෙහෙයවා එම කෘතිය නිර්මාණය කර තිබිය යුතු වේ. 

වර්තමානයේදී ප්‍රකාශන හිමිකම සම්බන්ධව මෙරට අදාල වන නෛතික ප්‍රතිපාදනය වනුයේ 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත වේ. පනතට අනුව ශාස්ත්‍රීය කලාත්මක සහ විද්‍යාත්මක කෘතීන් වන්නාවූ පහත සඳහන් නිර්මාණ ප්‍රකාශන හිමිකම යටතේ ආරක්ෂා වේ.

*  පොත්, පත්‍රිකා, ලිපි, පරිගණක වැඩසටහන් හා වෙනත් ලියැවිලි

*  කතා, දේශනා, ඇමතීම්, අනුශාසනා සහ වෙනත් වාචික කෘති

* නාටකීය/ ගීත නාටකීය කෘති, අභිරූපන නෘත්‍ය විද්‍යාත්මක කෘති හා වේදිකා නිෂ්පාදනය කෘති

* පෙර වගන්තියේ නිශ්චිතව සඳහන් යෝග්‍ය ජනප්‍රවාද ප්‍රකාශන, වේදිකා නිෂ්පාදන හා එවැනි නිෂ්පාදන කෘති

* සංගීතය සමඟ ගයන වචන ඇතුළත් හෝ නොවන සංගීතමය කෘති

* ශ්‍රව්‍ය දෘශ්‍ය කෘති

* ගෘහ නිර්මාණ ශිල්පීය කෘති

* චිත්‍ර, පින්තාරු කිරීම්, මූර්ති, කැටයම්, ලිතෝ මුද්‍රණ, විචිත්‍ර ගෙත්තම් සහ වෙනත් ලලිත කලා කෘති

* ඡායාරූප ශිල්පීය කෘති

* ව්‍යවහාරික කලා කෘති

* භූගෝල විද්‍යාව හා භූ ලක්ෂණ විද්‍යාවේ ගෘහනිර්මාණ ශිල්පීය හෝ විද්‍යාව හා සම්බන්ධ සිතියම් පිඹුරු කටු සටහන් හා ත්‍රිමාන කෘති

ව්‍යුත්පන්න කෘතිය ලෙස සැලකෙන කෘති වල පරිවර්තන, අනුවර්තන, එකලස් කිරීම සහ වෙනත් විපර්යාසයන් ආදියටද ප්‍රකාශන හිමිකමෙහි ආරක්ෂාව ලැබේ.

ඉහත කෘති ප්‍රකාශනය කරන ලද ක්‍රමය හෝ අන්තර්ගතය ගුණාත්මකභාවය නොසලකා හුදෙක් නිර්මාණය කරනු ලැබීමේ කාරණය කරණකොටගෙන ආරක්ෂා වනු ලැබේ. එනම් ප්‍රකාශන හිමිකම ලබා ගැනීම සඳහා ලියාපදිංචි කිරීමක් අවශ්‍ය නොවේ.

පනතේ 8 වැනි වගන්තියෙන් අනාරක්ෂිත කෘති හෙවත් ප්‍රකාශන හිමිකම එහි ආරක්ෂාව නොලැබෙන කෘති වන්නේ,

 * කෘතියක අඩංගු වන අදහසක්, ක්‍රියාවලියක්, ක්‍රියා පිළිවෙලක්,ක්‍රමයක්, සංකල්පයක්, ප්‍රතිපත්තියක් හෝ දත්ත

 * ව්‍යවස්ථාදායක පරිපාලනමය හෝ නීතිමය  වන යම් නිල පාඨ හෝ ඒවායේ නිල පරිවර්තන

* පොදුවේ නිවේදනය කරනු ලබන දෛනික ප්‍රවෘත්ති 

* කෙටි නාම හෝ කෙටි තේමා මුල් නොවූ කෘති හා ආරක්ෂිත කාල පරිච්ඡේදයේ සීමා වූ කෘති