වෝල්ට් ඩිස්නි
පසුව වෝල්ට් ඩිස්නි අමෙරිකානු සිනමා අධ්‍යක්ෂවරයක්,තිරරචකයෙක්,හඬ කවන්නෙක්ස,ජීවීකරණ නිර්මාණකරුවෙක් මෙන්ම දාර්ශනිකයක් බවට පත් විය.එමෙන්ම ඇකඩමි සම්මාන උළෙලේ පනස් නව වරක් සම්මානයට නිර්දේශ වූ ඔහු සිය ජීවිත කාලයේදී ඔස්කාර් ගෞරව සම්මාන හතරකට ද, ඔස්කාර් සම්මාන විසි දෙකකට ද හිමිකම් කීවේය. වැඩිම ඇකඩමි සම්මාන ගණනකට හිමිකම් කී සහ නිර්දේශ වුණු පුද්ගලයා වී සිටින්නේ ඔහුය. මේ සියල්ල නිසා වෝල්ට් ඩිස්නි අන්තර් ජාතික සංකේතයක් බවට පත් වී තිබේ.
ඩිස්නි සිය සොයුරා, රෝයි සමඟ කාටුන් චිත්‍රාගාරයක් හොලිවුඩයේ ඇරැඹුවේය. ඔහුගේ ඇලිස් කාටුන් චිත්‍රපට මාලාව ඉතා ජනප්‍රිය වූ අතර වෝල්ට් ඩිස්නි නාමය ද කීර්තියට පත් විය.මිකී මවුස් ඩිස්නි නිර්මාණය කළ ජනප්‍රියම කාටුන් චරිතයකි. තිහේ දසකයේ මිකීගේ චරිතය ලොව පුරා ජනප්‍රිය වූයේ රොකට්ටුවක් ඉහළ යනවාටත් වැඩි වේගයෙනි. මිකී මවුස් නිර්මාණය කිරීම වෙනුවෙන් ඔහු පළමු විශේෂ ඇකඩමි සම්මානය 1932 දී දිනා ගත්තේය. මිකීට හඬ කැව්වේ ද ඔහුමය. කලාවේ ස්වර්ණමය යුගයක් බිහි කළ ඔහුගේ ඊළඟ සිහිනය වූයේ අපූරු උද්‍යානයකි.ඩිස්නි පවුලේ කෞතුකාගාරයේ ඇති ඇකඩමි සම්මාන එකතුව. ඔහු දිනා ඇති මුළු සම්මාන ගණන 248 කි.
වෝල්ට් ඩිස්නිට තම දියණියන් දෙදෙනා උද්‍යානයක සෙල්ලම් කරමින් සිටිනු බලාගෙන සිටිය දී ඔහුගේ සිතේ අපූරු සංකල්පනාවක් ඇති වුණා.“ළමයින්ට සහ මව්පියන්ට එක වගේ විනෝදවිය හැකි අරුම පුදුම සිහින උද්‍යානයක් නිර්මාණය කරන්න පුළුවන් නම්”යැයි ඔහු සිහින මැවීය.
ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ විවිධ ප‍්‍රදේශවල පිහිටුවා තිබුණු විශ්මිත ගොඩනැගිලි නැරඹීය. තෝමස් අල්වා එඩිසන් ගේ විද්‍යාගාරය, රයිට් සහොදරයින්ගේ බයිසිකල් නිෂ්පාදනාගාරය, වෙබ්ස්ටර් ශබ්ද කෝෂයේ නිර්මාතෘ ගේ නිවස ආදී ප‍්‍රකට පුද්ගලයින්ගේ නිපැයුම් සහ ගොඩනැගිලි නරඹමින් වෝල්ට් ඩිස්නි තමන් ගොඩනගන්නට යන සිහිනලන්තයේ ආකෘතිය සිතින් නිර්මාණය කළේය.
පසුව, එය යථාර්ථයක් බවට පත් වූයේය. ‘ඩිස්නිලන්තය’ නම් වූ අපූරු විනෝද උද්‍යානය නිර්මාණය කිරීමට ඔහුට වසර පහක කාලයක් ගත විය. 1955 ජූලි 18 වැනිදා ඩිස්නිලන්තය නිල වශයෙන් විවෘත විය.
.
No comments:
Post a Comment