සමීක්ෂණ යනු
■ සමීක්ෂණ යන්න පිළිබඳ ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය ශබ්දකෝෂය සඳහන් කරන්නේ සාමාන්‍ය ජනතාවගේ අදහස් හා හැසිරීම් පිළිබඳ විමර්ශනය කිරීම යනුවෙනි. මෙය සාමාන්‍යයෙන් ඔවුන්ගෙන් ප්‍රශ්න ඇසීම මඟින් සිදු කෙරෙයි.(Oxford Learner's Dictionary)
■ Survey යන වචනයෙහි අර්ථය ලෙස මලලසේකර ශබ්දකෝෂය දක්වන්නේ, ‘සෝදිසි කරනවා, සමීක්ෂණය කරනවා, සමීක්ෂණය’ යන්න යි.
■ සමීක්‍ෂණය තෝරා ගත් නිශ්චිත භූමි කලාපයක වාසය කරන මිනිසුන්ගෙන් තොරතුරු රැස් කර ගැනීම සඳහා යොදා ගනු ලබන පර්යේෂණ විධි ක්‍රමයකි.
■සමීක්ෂණ යන්න පිළිබඳ ඉදිරිපත් වී ඇති නිර්වචන ඇසුරෙන් තව දුරටත් එහි කාර්ය විග්‍රහ වේ.
“ප්‍රජාවක ක්‍රියාකාරකම් හා ඒවා නිර්මාණය වී ඇති ආකාරය පිළිබඳ ව සමාජ විද්‍යාත්මක ආකල්ප ඔස්සේ විමසා බැලීමේ දී යොදා ගන්නා ප්‍රමාණාත්මක දත්ත එකතු කිරීමේ ක්‍රියාවලියි." (Mark Abraham)
“සමාජ තත්ත්වයක් හෝ සමාජ ප්‍රශ්නයක් ක්‍රමවත් ව හා විධිමත්ව විග්‍රහ කිරීමේ ක්‍රමය යි.” (Herman N. Morse)
■ ගැටලුවක් හෝ සංසිද්ධියක් පිළිබඳ විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ සොයා බැලීම සඳහා සිදු කරන පර්යේෂණ ක්‍රියාවලියක දී ඊට අදාළ දතත් දායකයන්ගෙන් ඍජු ව ම තොරතුරු ඒකරාශී කර ගැනීම සදහා භාවිත කරන උපාය මාර්ගයක් ලෙස ද සමීක්‍ෂණ හඳුනා ගත හැකි ය.
■ සමීක්‍ෂණයක් මඟින් පුද්ගලයා ගේ පෞද්ගලකි තොරතුරු, අදහස් මතවාද, යෝජනා, ක්‍රියාකාරකම්, හැසිරීම්, ආකල්ප යනාදි ය පිළිබඳ තොරතුරු (දත්ත) ලබා ගත හැකි ය.
■ සමීක්ෂණ ක්‍රියාවලියක දී සිදු වන්නේ ප්‍රාථමික දත්ත ඒකරාශී කිරීමයි
■ සමකාලීන ගැටලුවක් පිළිබඳ විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ දත්ත ඒකරාශී කිරීම සමීක්ෂණයකින් සිදු වේ.
සමීක්ෂණයක විධික්‍රම
සමීක්ෂණයකදී දත්ත රැස් කිරීම සදහා විධික්‍රම ගණනාවක් භාවිත කෙරේ.උදාහරණ කිහිපයක් පහත දක්වා ඇත.
1.ප්‍රශ්නාවලි
2.සම්මුඛ සාකච්ජා
3.නිරීක්ෂණ
4.සිද්ධි අධ්‍යනය
සමීක්ෂණ වර්ග
සමීක්ෂණ ක්‍රම පැහැදිලි කරන මූලික සමීක්ෂණ වර්ග 2කි.
1.විස්තරාත්මක සමීක්ෂණ
2.විග්‍රහාත්මක සමීක්ෂණ
සමීක්ෂණ ක්‍රියාවලිය
සමීක්ෂණයක් සිදු කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාවලියක් නැතහොත් පියවර රැසක් පවතී.සමීක්ෂණ ක්‍රියාවලියේ ස්භාවය අනුව එහි පියවර වෙනස් වේ.මූලික වශයෙන් සමීක්ෂණයක් සදහා ඇතුළත් වන පියවර කිහිපයක් පහත දැක්වේ.
1.ගැටලුව හදුනා ගැනීම
2.අරමුණු හදුනා ගැනීම
3.මාතෘකාව තීරණය කිරීම
4.දත්ත රැස් කිරීම
5.දත්ත විශ්ලේෂණය කිරීම
6.නිගමන
7.වාර්තාව ලිවීම
No comments:
Post a Comment