රූපවාහිනියේ ගමන් මග
අද වන විට රූපවාහිනීය යනු ඉතා සරල, ලොව පුරා නිවාස, කාර්යාල ආදී ස්ථාන වල බිලියන ගණනක් දෙනා බාවිතා වන අත්‍යවශ්‍යම ඉලෙක්ට්‍රොණික උපාංගයක් බවට පත් වී ඇත. එහෙත් මීට වසර 100 කට පමණ පෙර කාලය සැලකීමේදී රූපවාහිනිය යනු කුමක්දැයි කිසිවෙකු හෝ දැන සිටියේ නැත. ඇත්ත වශයෙන්ම කිවහොත්,අප අද සෑම දෙනාම රූපවාහිනි යන්ත්‍ර බාවිතා කලද 1947 දී පමණ රූපවාහිනි යන්ත්‍ර බාවිතය සදහා අයිතිය හිමිවූයේ වරප්‍රසාදලත් ඇමරිකානුවන්ට පමණි. නමුත් මෙලෙස ඉතා සුලු පිරිසක් පමණක් භාවිතා කරනු ලැබු මෙම මෙවලම, ඉතා කෙටි කාලයක් තුල විවිධ වෙනස් කම් වලට ලක්වෙමින් ලොව පුරා මිනිසුන්ගේ විසිත්ත කාමරයේ ප්‍රධාන තැනක් හිමි කරගත් මෙවලමක් දක්වා සංවර්ධනය වූයේ කෙලෙසද?
අප රූපවාහිනීය (TV එක) ලෙස සදහන් කල පමණින් අපට හැගෙන්නේ අප අද භාවිතා කරනු ලබන විදුලියෙන් ක්‍රියාත්මක වන විද්‍යුත් රූපවාහිනීය වේ.එහෙත් රූපවාහිනියේ ඉතිහාසය සොයාගෙන යෑමේදී ප්‍රථම රූපවාහිනීය ලෙස හමුවන්නේ 1800 - 1900 කාල වකවානු වලදී බාවිතාකරන ලද යාන්ත්‍රක රූපවාහිනීය යි.මෙහිදී සිදු කරනු ලබන්නේ යාන්ත්‍රක ක්‍රමයක් මගින් ජායාරූපය ස්කෑන් කිරීම සිදුකර ඉන් අනතුරුව එම රූප තිරයකට සම්ප්‍රේෂණය කිරීම වේ. මේ සදහා මූලික පදනම වැටෙන්නේ නිප්කෝ විසින් නිර්මාණය කරන ලද විදුලි දුරේක්ෂය මගින් වේ.
නිප්කෝ විසින් සොයාගත් මෙම උපාංගය තව දුරටත් වැඩි දියුණු කර 1920 ගණන් වල මුල් භාගයේදී ස්කොට්ලන්ත ජාතිකයකු වන ජෝන් ලොජි බෙයාඩ් විසින් පළමු වරට වයර් රහිතව රූප යැවීම සිදුකර ඒවා දර්ශනය කල හැකි උපකරනයක් නිර්මාණය කරන ලදී. බෙයාඩ් විසින් මෙම උපකරනය නම් කරනු ලැබුවේ ටෙලිවයිසරය (Baird Televisor) නමින් වේ.
බෙයාඩ් විසින් පර්යේෂණ සිදුකරනු ලැබුවේ චලනය වන දසුන් යම් දුරකට සම්ප්‍රේෂණය කිරීම හා නැවත එම දසුන් තවත් ස්ථානයක සිට ග්‍රහණය කර ඒවා නැවත දර්ෂනය කලහැකි උපකරනයක් නිර්මාණය කිරීම පිළිබදව වේ. මෙහිදී චලනය වන දසුනක් යම් දුරකට සම්ප්‍රේෂණය කරගැනීමට හැකි උවද මෙම චලන රූප අපහැදිලි ඒවා විය.
ඉන්පසු රුසියානු ජාතික බොරිස් රෝසිං සහ බ්‍රිතාන්‍යය ජාතික ඒ.ඒ. කැම්බල් විසින් බෙයාඩ් විසින් නිර්මාණය කල රූපවාහීනී තාක්ෂණයම උපයෝගී කරගෙන නව රූපවාහිනී පද්ධතියක් නිර්මාණය කළේය.මෙම සොයාගැනීම ද රූපවාහිනී තාක්ෂනයේ ඉදිරි ගමනට මනා පිටුවහලක් විය.
මෙලෙස විවිධ සොයාගැනීම් සිදුකරමින් බෙයාර්ඩ්ගේ තාක්ෂඅද වන විට රූපවාහිනීය යනු ඉතා සරල, ලොව පුරා නිවාස, කාර්යාල ආදී ස්ථාන වල බිලියන ගණනක් දෙනා බාවිතා වන අත්‍යවශ්‍යම ඉලෙක්ට්‍රොණික උපාංගයක් බවට පත් වී ඇත. එහෙත් මීට වසර 100 කට පමණ පෙර කාලය සැලකීමේදී රූපවාහිනිය යනු කුමක්දැයි කිසිවෙකු හෝ දැන සිටියේ නැත. ඇත්ත වශයෙන්ම කිවහොත්,අප අද සෑම දෙනාම රූපවාහිනි යන්ත්‍ර බාවිතා කලද 1947 දී පමණ රූපවාහිනි යන්ත්‍ර බාවිතය සදහා අයිතිය හිමිවූයේ වරප්‍රසාදලත් ඇමරිකානුවන්ට පමණි. නමුත් මෙලෙස ඉතා සුලු පිරිසක් පමණක් භාවිතා කරනු ලැබු මෙම මෙවලම, ඉතා කෙටි කාලයක් තුල විවිධ වෙනස් කම් වලට ලක්වෙමින් ලොව පුරා මිනිසුන්ගේ විසිත්ත කාමරයේ ප්‍රධාන තැනක් හිමි කරගත් මෙවලමක් දක්වා සංවර්ධනය වූයේ කෙලෙසද?
මෙලෙස විවිධ සොයාගැනීම් සිදුකරමින් බෙයාර්ඩ්ගේ තාක්ෂණය අනුව රූපවාහිනී සම්ප්‍රේෂණ කටයුතු 1937 පමණ වන තෙක් සිදුවිය.
බෙයාර්ඩ්ගේ තාක්ෂණය අනුව යාන්ත්‍රිකව සිදු කළ රූපවාහිනී දසුන් සම්ප්‍රේෂණය ඉලෙක්ට්‍රොනික තාක්ෂණය යොදාගෙන ඉතා පහසුවෙන් හා කාර්යක්ෂම සිදුකළ හැකි බව ඉක්මණින්ම සොයා ගැණුනි. එමනිසා බෙයාර්ඩ්ගේ රූපවාහිනී සම්ප්‍රේෂණ ක්‍රමවේදය භාවිතයෙන් අත්හැර ඉලෙක්ට්‍රෝණික තාක්ෂණ ක්‍රමවේදය භාවිතා කරන ලදී. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඉලෙක්ට්‍රෝණික රූපවාහිනීය බිහිවිය. දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාව ට රූපවාහිනිය පැමිණ වසර 46 සම්පූර්ණ විය .
රූප පෙට්ටිය වටා රැස්වන පවුල් අසල් වාසීන්.. අධ්‍යාපනික සංදර්ශන සඳහා ගායනා කරන දරුවන්. ගම්වැසියන් සහ නගරවාසීන් එකම නාට්‍යය නරඹමින්, සිනාසෙමින් සහ එකට අඬමින් ආශ්වාදයක් ලබා ගත්හ.
කළු-සුදු සිට HD දක්වා, ජනප්‍රවාදවල සිට අනාගතවාදී අදහස් දක්වා, ජාතික සිදුවීම්වල සිට එදිනෙදා ජීවිතය දක්වා ,පුළුල් ජාලයක් ලෙස ලොව ම දෙඇස් මානයෙ තබන,ඉතා ප්‍රයෝජන වත් සංන්නිවේදන උපකරණකි.
No comments:
Post a Comment