My Blog List

Thursday, 19 March 2026

 අන්තර් සංස්කෘතික සන්නිවේදනය


සංස්කෘතියක් යන්න සෑම සමාජ පද්ධතියක මිනිසාගේ පැවැත්ම රඳා පවත්නා සාධකයක් වීම තුළ ගතික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස හඳුනාගත හැකිය. සංස්කෘතිය යන කාරණය තුළ භාෂාව පදනම් කර ගැනීමේදී කර මිනිසාගේ සිරිත්, විරිත් චා-රිත්‍ර ආදී ආදී සාධක සම්බන්ධ කරගත් ජීවන රටාවක් එක්ක බැඳී පවත්නා සුවිශේෂී වූ කරුණක් ලෙස මේ "සංස්කෘතිය" යන්න විස්තර කිරීමට ලක් කළ හැකිය.

එඩ්වඩ් ටයිලර් මානව හා සමාජ විද්‍යාඥයා දක්වන ආකාරයට "සංස්කෘතිය දැනුම, ඇදහිලි,විශ්වාස, කලාව, සදාචාරය, නීතිය, සිරිත්-විරිත් හා සමාජයේ සාමාජිකයෙකු වශයෙන් සාක්ෂාත් කරගත් හුරුපුරුදු හා හැකියාවන් ඇතුලත් සංකීර්ණ සමස්තයයි"  යන අදහස මිනිසාගේ ජීවන රටාව හා බැඳී පවත්නා සුවිශේෂී මානව අන්තරය සාධකයක් බව සංස්කෘතිය යන අදහස හරහා ඉදිරිපත් කරවයි. සංස්කෘතිය සීමාසහිත සීමාවන්ට යා නොහැකි දෙයක් ලෙස හඳුනා ගැනීමේදී එය එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට දැනෙන ආකාරය මත වෙනස් වීමකට ලක් වේ. මෙය තවදුරටත් විස්තර කර දැක්වීමේදී හුදු සංස්කෘතියට එක් එක් අයට එය පුද්ගල දැමීමත් සමග එකම සංස්කෘතියක් දෙයාකාරයකින් සංජානනය වීම තුළ හැඟීම් මත පදනම් වේ. සන්නිදර්ශනයක් ලෙස දක්වන්නේ නම් භාෂාව මත පදනම් වීමේ දී සංස්කෘතිය පිළිබඳව කථා බහට ලක් කිරීමේ දී භාෂාව මත සමහර සංස්කෘතීන් වෙනස් වීමකට ලක් විය හැක . එය සංජානනය කාරණාවක් වීමේදී විශේෂයෙන් ලාංකීය කඳුකර ඉන්දීය දෙමළ භාෂාව භාවිත වන සමාජ සංස්කෘතිය ලාංකීය දෙමළ භාෂාව භාවිතා වන සංස්කෘතියෙන් වෙනස් විය හැකි අතර එය ගැඹුරින් අධ්‍යයනයට ලක් කිරීමේ දී, එහි පවත්නා වෙනස හඳුනාගත හැකිය. මෙයට බොහෝ විට ප්‍රධාන හේතුව බවට පත්වන්නේද මහා සංස්කෘතියේ පවත්නා උප සංස්කෘතිමය කාරණා පාදක වීම මතය.

අන්තර් සංස්තික සන්නිවේදනය අවශ්‍ය වීමට හේතු

1.අන්තර් සංස්කෘතික පරිසරයක් තුළ ජීවත් වීමේ දී සන්නිවේදන කටයුතු සදහා අර්ථ බාධා වලින් තොර වීමට

2.අන්තර් සංස්කෘතික අවබෝධය වර්ධනය කර ගැනීමට සහ සංස්තික පරස්පරයන් තුළ මතු විය හැකි ගැටලු අවම කර ගැනීමට

3.සංස්කෘතික ආක්‍රමණයන්,විවරණයන්,හුවමාරු කාර්‍යන් සිදු වන අවස්ථා වල එතුළින් සිදු විය හැකි සාධනීය හා නිෂේධනීය බලපෑම් තේරුම් ගනිමින් විචාරශීලීව කටයුතු කිරීම

4.අන් සංස්කෘතින් වල මෙන්ම ස්වකීය සංස්කෘතියේ ඇති සම විෂමතා මෙන්ම අගයන් හා දුබලතාවයන් අවබෝධ කර ගනිමින් සංස්කෘතික ඒකාකෘතිකරණයට ලක් නොවී සාධනීය හා විවෘත මනසකින් කටයුතු කර ගැනීමට අවශ්‍ය නිපුණතා වර්ධනය කර ගැනීමට

No comments:

Post a Comment