ප්‍රකාශන හිමිකම පිළිබද තොරතුරු
ප්‍රකාශන හිමිකම යනු මුල් නිර්මාණකරුගේ නිර්මාණ කාර්යයක් ප්‍රතිනිර්මාණය කිරීමට හෝ ප්‍රතිනිර්මාණය වැලැක්වීමට මුල් නිර්මාණකරුට ඇති අයිතියක් ලෙස හඳුන්වාදිය හැකිය. මෙය ආර්ථිකය හිමිකම සහ සදාචාරාත්මක හිමිකම ලෙස දෙයාකාර වෙයි. මෙකී ප්‍රකාශන හිමිකම ප්‍රංශ විප්ලවයෙන් පසු ඉස්මතු වූ කර්තෘවරුන්ගේ අයිතිය නම් මානව හිමිකමෙන් පරිණාමය වූවකි. පසු කාලීනව 'ශාස්ත්‍රීය හා කලාත්මක කෘතීන් ආරක්ෂා කිරීමේ බර්න් සම්මුතියේ' දී මෙම 'ප්‍රකාශන හිමිකම' යන පදය මුලින්ම භාවිතා කරන ලදී. ප්‍රකාශන හිමිකම මගින් ආරක්ෂා කරනුයේ මුල් කෘති පමණක් වන අතර එම කෘතීන් කර්තෘවරයාගේ මහන්සියේ සහ කුසලතාව ප්‍රතිඵලයක් විය යුතු වේ. එනම් බුද්ධිය මෙහෙයවා එම කෘතිය නිර්මාණය කර තිබිය යුතු වේ.
වර්තමානයේදී ප්‍රකාශන හිමිකම සම්බන්ධව මෙරට අදාල වන නෛතික ප්‍රතිපාදනය වනුයේ 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත වේ. පනතට අනුව ශාස්ත්‍රීය කලාත්මක සහ විද්‍යාත්මක කෘතීන් වන්නාවූ පහත සඳහන් නිර්මාණ ප්‍රකාශන හිමිකම යටතේ ආරක්ෂා වේ.
* පොත්, පත්‍රිකා, ලිපි, පරිගණක වැඩසටහන් හා වෙනත් ලියැවිලි
* කතා, දේශනා, ඇමතීම්, අනුශාසනා සහ වෙනත් වාචික කෘති
* නාටකීය/ ගීත නාටකීය කෘති, අභිරූපන නෘත්‍ය විද්‍යාත්මක කෘති හා වේදිකා නිෂ්පාදනය කෘති
* පෙර වගන්තියේ නිශ්චිතව සඳහන් යෝග්‍ය ජනප්‍රවාද ප්‍රකාශන, වේදිකා නිෂ්පාදන හා එවැනි නිෂ්පාදන කෘති
* සංගීතය සමඟ ගයන වචන ඇතුළත් හෝ නොවන සංගීතමය කෘති
* ශ්‍රව්‍ය දෘශ්‍ය කෘති
* ගෘහ නිර්මාණ ශිල්පීය කෘති
* චිත්‍ර, පින්තාරු කිරීම්, මූර්ති, කැටයම්, ලිතෝ මුද්‍රණ, විචිත්‍ර ගෙත්තම් සහ වෙනත් ලලිත කලා කෘති
* ඡායාරූප ශිල්පීය කෘති
* ව්‍යවහාරික කලා කෘති
* භූගෝල විද්‍යාව හා භූ ලක්ෂණ විද්‍යාවේ ගෘහනිර්මාණ ශිල්පීය හෝ විද්‍යාව හා සම්බන්ධ සිතියම් පිඹුරු කටු සටහන් හා ත්‍රිමාන කෘති
ව්‍යුත්පන්න කෘතිය ලෙස සැලකෙන කෘති වල පරිවර්තන, අනුවර්තන, එකලස් කිරීම සහ වෙනත් විපර්යාසයන් ආදියටද ප්‍රකාශන හිමිකමෙහි ආරක්ෂාව ලැබේ.
ඉහත කෘති ප්‍රකාශනය කරන ලද ක්‍රමය හෝ අන්තර්ගතය ගුණාත්මකභාවය නොසලකා හුදෙක් නිර්මාණය කරනු ලැබීමේ කාරණය කරණකොටගෙන ආරක්ෂා වනු ලැබේ. එනම් ප්‍රකාශන හිමිකම ලබා ගැනීම සඳහා ලියාපදිංචි කිරීමක් අවශ්‍ය නොවේ.
පනතේ 8 වැනි වගන්තියෙන් අනාරක්ෂිත කෘති හෙවත් ප්‍රකාශන හිමිකම එහි ආරක්ෂාව නොලැබෙන කෘති වන්නේ,
* කෘතියක අඩංගු වන අදහසක්, ක්‍රියාවලියක්, ක්‍රියා පිළිවෙලක්,ක්‍රමයක්, සංකල්පයක්, ප්‍රතිපත්තියක් හෝ දත්ත
* ව්‍යවස්ථාදායක පරිපාලනමය හෝ නීතිමය වන යම් නිල පාඨ හෝ ඒවායේ නිල පරිවර්තන
* පොදුවේ නිවේදනය කරනු ලබන දෛනික ප්‍රවෘත්ති
* කෙටි නාම හෝ කෙටි තේමා මුල් නොවූ කෘති හා ආරක්ෂිත කාල පරිච්ඡේදයේ සීමා වූ කෘති