සමීක්ෂණ ආචාරධර්ම
සමීක්ෂණ යනු යම් විෂය කරුණක්, ජනතාවගේ අදහස්, හැසිරීම් හෝ තත්ත්වයන් පිළිබඳව ක්‍රමවත් ලෙස දත්ත රැස්කර විශ්ලේෂණය කිරීමේ විද්‍යාත්මක ක්‍රියාවලියකි. සාමාන්‍යයෙන් ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට අනුව මෙය මහජන මතය විමර්ශනය කිරීම ලෙස අර්ථ දැක්වේ. එමෙන්ම ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය සමීක්ෂණ යන්න අර්ථ දක්වා ඇත්තේ පහත පරිදිය."සමීක්ෂණ යනු සාමාන්‍ය ජනතාවගේ අදහස් හා හැසිරීම් පිළිබඳ විමර්ශනය කිරීමයි."
ආචාරධර්ම යනු මානව හැසිරීම් වල හරි-වැරැද්ද, හොඳ-නරක, සහ යුතුකම් පිළිබඳව හැදෑරෙන, සමාජීය වශයෙන් පිළිගත් චර්යාත්මක නීති මාලාවකි. පුද්ගලයාගේ හික්මීම විධිමත් කරමින්, සමාජ පැවැත්ම ශක්තිමත් සහ සුරක්ෂිත කිරීමේ අරමුණින් සත්‍යය, සාධාරණත්වය සහ අවිහිංසාව පදනම් කරගෙන ගොඩනැගෙන ප්‍රායෝගික දර්ශනයක් ලෙස මෙය හැඳින්විය හැකිය. එමෙන්ම මෙම ආචාරධර්මයන් සමීක්ෂණ සම්බන්ධයෙන්ද පවතී.එනම් සමීක්ෂකයෙකු කිසියම් සමීක්ෂණයක් සිදු කිරීමෙදී ආචාරධර්මයන් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව සමීක්ෂණ සම්බන්ධයෙන් පිළිපැදිය යුතු ආචාරධර්ම පහත ආකාරයට පෙන්වා දිය හැකිය.
සමීක්ෂණ ආචාරධර්ම
*සමීක්ෂණයේ ගුණාත්මක භාවය හා ප්‍රමිතිය ආරක්‍ෂා ආරක්ෂා කර ගැනීම.
*නිවැරදි සමීක්ෂණ ක්‍රමවේද භාවිතය
*දත්ත හිතාමතා විකෘති නොකිරීම
.
*දත්ත දායකයා හා සමීක්ෂකයා අතර විශ්වසනීයත්වයක් ගොඩනඟා ගැනීම.
*දත්ත දායකයාගේ කැමැත්ත මත පමණක් සමීක්ෂණය සඳහා සහභාගි කර ගැනීම.
*සමීක්ෂකයා පිළිබඳ හා පර්යේෂණයේ මූලික අරමුණු පිළිබඳ දත්ත දායකයා දැනුවත් කිරීම.
*දත්ත දායකයාට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම.
*දත්ත දායකයාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම.
*දත්ත දායකයා කායික හෝ මානසික පීඩනයට ලක් නොකිරීම.
*බුද්ධිමය දේපළ අයුතු ලෙස භාවිත නොකිරීම.
*දත්ත ලබාදීම පිළිබඳ දත්ත දායකයා අගය කිරීම.
1.බුද්ධිමය දේපළ අයුතු ලෙස භාවිත නොකිරීම
.
වෙනත් කර්තෘවරයෙක්ගේ ග්‍රන්ථයක්,ලේඛනයක් අවසරයකින් තොරව ලබාගෙන එය තමාගේ ග්‍රන්ථයක්,ලිපියක් ලෙස ඉදිරිපත් කිරීම පර්යේෂකයකු විසින් සිදු කරනු ලබන ආචාර ධර්ම කඩ කිරීමකි.ඇතැම් අවස්ථාවලදී ප්‍රසිද්ධ පුද්ගලයන් පවා අන් අයගේ ග්‍රන්ථයන් ඔවුන්ගේ මරණින් පසු තමාගේ නම යොදා ප්‍රසිද්ධියට පත්කළ අවස්ථාවන්ද ඇති අතර එවැනි තත්ත්වයකදී නීතිමය පිහිට පැතීම දක්වා වර්ධනය වන අවස්ථා සමාජය තුළ බහුලව දක්නට ලැබේ.එසේ බුද්ධිමය දේපළ අයථා ලෙස භාවිත කිරීමෙන් ලක්‍ෂ පහක් නොඉක්මවූ දඩයක් හා මාස හයක් නොඉක්මවූ සිරදඬුවම් යනාදිය මේ සඳහා ගනු ලබන ක්‍රියා මාර්ග වේ.
2.දත්ත දායකයාගේ ආරක්ෂාව තහවුරු කිරීම,දත්ත දායකයාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම.
ප්‍රතිචාරකයාගේ රහස්‍ය භාවය ආරක්ෂා කරමින් ඔවුන්ගේ ප්‍රතිරූපයට හානි නොවන ආකාරයට ඉදිරිපත් කිරීම සිදු නොවුනහොත් එය ප්‍රබල ලෙස පර්යේෂකයෙකු විසින් සිදු කරනු ලබන ආචාර ධර්ම කඩ කිරීමකි.මෙහිදී පර්යේෂණයට අදාල නොවන ඔවුන්ගේ පුද්ගලික කාරණා පිළිබඳ විමසීම හෝ විමසා ලබාගත් පුද්ගලික කරුණු නම්, ගම් සහිතව ඉදිරිපත් කිරීම ආචාර ධර්මයන්ට පටහැනිය.ඔවුන් පර්යේෂකයා සමග පවතින සමීපත්වය නිසා එය පැහැදිලි කළ ද එහි රහස්‍යභාවය ආරක්ෂා කිරීම පර්යේෂකයාගෙන් ඉටුවිය යුතු ප්‍රධාන වගකීමකි.එසේ නොවුනහොත් අදාල ප්‍රතිචාරකයාව නැවත සමාජගත වීමේ ප්‍රශ්නයක් ඇති විය හැකිය.
3.හිතා මතා දත්ත විකෘති නොකිරීම
පර්යේෂණයක ආචාරධර්ම පිළිබඳ සැලකීමේදී බොහෝ විට කඩවීමට ලක්වන ආචාර ධර්මයක් ලෙස මෙය දැක්විය හැකිය.ආචාර ධර්ම කඩවීම සාධාරණීය කරණය කළනොහැක්කකි.එබැවින් ලබාගත් දත්ත යනු පර්යේෂකයෙකු සිදු කරන වැදගත්ම කොටසයි.යම් පර්යේෂකයකුට ලබාගත් දත්ත තම අරමුණු සාක්ෂාත් වන ආකාරයට හෝ පර්යේෂණයේදී සිදුවූ අඩුපාඩු මඟහරවා ගැනීම හෝ වෙනුවෙන් වෙනස් කිරීම තම හෘද සාක්ෂියටද පර්යේෂකයන්ටද අදාළ විෂය ක්ෂේත්‍රයටද කරනු ලබන දැඩි අසාධාරණයකි.
4.පක්ෂපාතීත්වයෙන් තොරවීම
පර්යේෂණයේ ප්‍රතිඵල වාර්තා කිරීමේදී පර්යේෂකයා උපරිම අවංක භාවයකින් කටයුතු කළ යුතුය.එනම් ලැබෙන දත්ත තමාට අවශ්‍ය පරිදි වෙනස් කිරීම හෝ ව්‍යාජ දත් ඇතුළු කිරීම බරපතළ ආචාර ධර්මීය වරදක් බැවින් තම පෞද්ගලික මතවාදයන්ට වඩා ලැබුණු සැබෑ දත්ත වලට මුල් තැන ලබාදීම මෙහිදී වැදගත් වේ.උදාහරණයක ලෙස වෙළද දැන්වීම් පිළිබදව සමීක්ෂණයක් සිදු කිරීමේදී, වෙළඳ දැන්වීම් ප්‍රවර්ධනය කරන ආයතන වලට හෝ එම පාර්ශ්වයන්ට පක්ෂක්ග්‍රාහී නොවී ස්වාධීනව කටයුතු කිරීමට පර්යේෂකයා උත්සාහ කළයුතුය.
No comments:
Post a Comment