මාධ්‍ය නියාමන ආයතන සහ ඒවායේ කාර්යභාරය
My Blog List
Monday, 4 May 2026
Sunday, 3 May 2026
නව මාධ්‍ය හඳුනා ගනිමු.
නව මාධ්‍යය යනු අංකිත තාක්ෂණය ඔස්සේ තොරතුරු අංකිත කිරීම, ශබ්දය, වචන, දත්ත ග්‍රැෆික්ස්, චිත්‍ර, රූප වීඩියෝ හකුළුවා ඒවා ඉතා පහසුවෙන් පිටපත් කර අඩු පිරිවැයක් යටතේ ඉතා වේගයෙන් බෙදා හැරිය හැකි මාධ්‍යයි.මෙම දත්ත,හඬ,ශබ්ද බින්දුවත් එකත් අතර අංකිත තාක්ෂණ ක්‍රමවේදයන්ට හකුළුවා දැක්විය හැකිය.
නව මාධ්‍ය දුරකථනය හා අන්තර්ජාලය ඔස්සේ බිහි වූවකි.දුරකථනය ප්‍රධාන වශයෙන් කටහඬ හා සංඥා මත රැඳී පවතී.රැහැන් සහිත දුරකථන ක්‍රියාවලිය මේ වනවිට රැහැන් රහිත වී ඇති අතර එය අන්කිත දුරකථන තාක්ෂණය දක්වා වර්ධනය වී .ඇත
එමගින් දුරකථන ජාලයේ කාර්ය ,ශක්‍යතාව සහ ගුණාත්මක බව වැඩිදියුණු විය.මෙම ක්‍රියාවලියේදී සෙලියුලර් ජාල සමාජය (IG) digital දුරකථන ජාල සමාජය (TG) අතිවේග දත්ත ජාල සමාජය හා බ්‍රෝඩ් බ්‍රෑන්ඩ් ජංගම දුරකතන තාක්ෂණය (3G) ALL-IP ජාල සමාජය (4G) දක්වා මෙන්ම චන්ද්‍රිකා තාක්ෂණික දුරකථන සන්නිවේදනය දක්වා ද දක්වාද වර්ධනය වීම දැකගත හැකිය.
අන්තර්ජාලය නව මාධ්‍යයක් ලෙස සැලකිය හැකි වන්නේ එමගින් ජාලගත වේගවත් තොරතුරු හුවමාරුවක් සිදුවන බැවිනි. 1960 දශකයේ පරිගණකය ආශ්‍රයෙන් එකිනෙකා අතර විශේෂයෙන් පර්යේෂණ පදනම් කරගෙන විද්‍යාව සම්බන්ධ තොරතුරු සන්සරණය හා යුද හමුදා ක්ෂේත්‍රවලට අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීමට ගත් උත්සාහයේ ප්‍රතිඵල ලෙස මෙය බිහි විය.නව මාධ්‍ය බිහිවීම සඳහා පාදක වූ ආර්ථික,සමාජ,දේශපාලන,තාක්ෂණය ආදී ක්ෂේත්‍රවල වෙනස්කම් බලපා ඇත.ඒ අතර තොරතුරු තාක්ෂණයේ දිගුවීම ප්‍රධාන වේ.
ටිම් බර්නස් ලී (Tim Berners Lee) විසින් ලෝක ව්‍යාප්ත ජාලය (World Wide Web - www) පිළිබඳ අදහස ඉදිරිපත් කිරීමත් සමග සමඟ නව මාධ්‍යයේ වර්ධනය වේගවත් විය.මීට අමතරව අභිසාරිතා සංකල්පය ගොඩනැගීමද ගොඩනැගීමද මීට හේතු වී තිබේ.නව මාධ්‍ය ඇතිවීමත් සමග ඇති වූ මෙම විපර්යාසයන් අධ්‍යයනය කළ විද්වතුන් අතර,
1.මාර්ෂල් මැක්ලුහන්
2.ෆෙඩ්රික් කෙට්ලර්
3.බර්නාඩ් ස්ටෙග්ලර්
4.මැනුවෙල් කැස්ටෙල් ආදීහු වෙති. මොවුන් නව මාධ්‍ය බිහිවීම,විකාශය,අන්තර්ගතය,එහි බලපෑම පිළිබඳ අධ්‍යයනය කර ඇත.
නව මාධ්‍ය ලක්ෂණ
1.අංකිතකරණය
අංකිතකරණය යනු අංකිත තාක්ෂණයේඒකාබද්ධතාවයයි. දෛනික ජීවිතයේ සමස්ත ක්‍රියාකාරීත්වය සමඟ අංකිත තාක්ෂණය බැඳී පවතී. තාක්ෂණයට නතුව පවතින ලෝකයේ සංවර්ධනය අංකිතකරණය මගින් විද්‍යමාන වේ.1හෝ 0 යන ද්විමය සංඛ්‍යා ලෙස දැක්වෙන පරිගණක භාෂාව ඔස්සේ අවශ්‍ය දත්ත පහසුවෙන් ලබා ගැනීමට හැකිවන ආකාරයට පරිගණකගත කිරීම මෙමගින් සිදුවේ.
උපකරණ-පරිගණක,smart watch, ඩිජිටල් කැමරා, ඩිජිටල් මීටර්
2.ජාලගතකරණය
තොරතුරු ජාලා එකිනෙකට සම්බන්ධ කිරීම ජාලගතකරණයයි.ස්ථානීය ක්ෂේත්‍ර ජාලගතකරණය (LAN) හා පුළුල් ක්ෂේත්‍ර (WAN) ජාලගත කරනය මූලික අවස්ථාව වෙයි.පුළුල් විස්තීරණ ජාලගතකරණය (WWW) ලෙස ලෝක ව්‍යාප්ත ජාලගතකරණය සඳහන් කළ හැකිය.
3.අධිපාඨනීයත්වය
විද්‍යුත් සම්බන්ධතා භාවිතා කරමින් එක් පඨිතයක් වෙතින් වෙනත් පටිතයක් වෙත ළඟා වීමට ඇති සබඳතාව අධිපාඨනීයත්වයයි.මෙම පඨිතයන් එකිනෙක හා බැඳී පවතින නිසා පුළුල් පටිත කරා ළඟාවීමට හැකිවීම මෙහි ඇති වාසිදායකක තත්ත්වයයි.උදාහරණ ලෙස මාර්ගගත දත්ත පටිතයක සම්බන්ධ මගින් විවිධ තොරතුරු මූලයන්ට ළඟා වීමට ඇති හැකියාව දැක්විය හැකිය.
4.ස්වයංකරණය
ස්වයංකරණය යනු නව තාක්ෂණය උපයෝගී කරගෙන දත්ත හුවමාරු කර ගැනීම සඳහා භාවිත ස්වයංක්‍රීය ක්‍රියාවලියකි.පූර්ව උපදේශවලට අනුව සක්‍රීය වන සෘජු මානව එළවමකින් තොරව ග්‍රාහකයා වෙත පණිවිඩ හුවමාරුව සඳහා උපයෝගී කරගනු ලබන ක්‍රියාවලියකි.නව මාධ්‍ය තුළට යම් තොරතුරක් ඇතුල් කළ පමණින් එය ජාලගත සම්බන්ධතා සහිත අති විශාල ග්‍රාහක ප්‍රමාණයකට එසැණින්ම ස්වයංක්‍රීයව සම්ප්‍රේෂණය වේ.
5.දත්ත සංචිතකරණය
මූලික දත්ත එකතුවයි.පරිගණක විධික්‍රම වලට අනුව ලබා ගැනීමට හැකිවන ආකාරයෙන් දත්ත ගබඩා කර තිබේ.ඒ සඳහා අවශ්‍ය වන්නේ ඉතා සීමිත ඉඩකඩකි.දත්ත සංචිතකරණය සංකීර්ණ ස්වභාවයකින් යුක්තය.මෙම සංචිතවලින් අවශ්‍ය පුද්ගලයකුට දත්ත ලබාගත හැකිය.
6.වේගවත් සංදේශකරණය
නව මාධ්‍ය අතිශය වේගයෙන් සන්නිවේදන පණිවිඩ හුවමාරු කිරීමේ ශක්‍යතාවයෙන් යුක්තය.එය අන්තර්ජාලගතකරණය කළ වහා අදාළ ග්‍රාහක ඉලක්ක වෙත වේගයෙන් ගලා ගෙන යයි.එම ගලා යෑම සඳහා දේශසීමා මායිම් නැත.ඒ නිසා නව මාධ්‍ය විශ්වීය පරාසය දක්වා තම තොරතුරු සම්ප්‍රේෂණය කරයි.නව මාධ්‍ය අවකාශය තුළ අති විශාල ග්‍රාහක සංඛ්‍යාවක් ජාලගත කර ගනිමින් තොරතුරු බෙදා හැරීමට,ග්‍රහණය කර ගැනීමට හැකිව තිබේ.
Thursday, 30 April 2026
ප්‍රකාශන හිමිකම පිළිබද තොරතුරු
ප්‍රකාශන හිමිකම යනු මුල් නිර්මාණකරුගේ නිර්මාණ කාර්යයක් ප්‍රතිනිර්මාණය කිරීමට හෝ ප්‍රතිනිර්මාණය වැලැක්වීමට මුල් නිර්මාණකරුට ඇති අයිතියක් ලෙස හඳුන්වාදිය හැකිය. මෙය ආර්ථිකය හිමිකම සහ සදාචාරාත්මක හිමිකම ලෙස දෙයාකාර වෙයි. මෙකී ප්‍රකාශන හිමිකම ප්‍රංශ විප්ලවයෙන් පසු ඉස්මතු වූ කර්තෘවරුන්ගේ අයිතිය නම් මානව හිමිකමෙන් පරිණාමය වූවකි. පසු කාලීනව 'ශාස්ත්‍රීය හා කලාත්මක කෘතීන් ආරක්ෂා කිරීමේ බර්න් සම්මුතියේ' දී මෙම 'ප්‍රකාශන හිමිකම' යන පදය මුලින්ම භාවිතා කරන ලදී. ප්‍රකාශන හිමිකම මගින් ආරක්ෂා කරනුයේ මුල් කෘති පමණක් වන අතර එම කෘතීන් කර්තෘවරයාගේ මහන්සියේ සහ කුසලතාව ප්‍රතිඵලයක් විය යුතු වේ. එනම් බුද්ධිය මෙහෙයවා එම කෘතිය නිර්මාණය කර තිබිය යුතු වේ.
වර්තමානයේදී ප්‍රකාශන හිමිකම සම්බන්ධව මෙරට අදාල වන නෛතික ප්‍රතිපාදනය වනුයේ 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත වේ. පනතට අනුව ශාස්ත්‍රීය කලාත්මක සහ විද්‍යාත්මක කෘතීන් වන්නාවූ පහත සඳහන් නිර්මාණ ප්‍රකාශන හිමිකම යටතේ ආරක්ෂා වේ.
* පොත්, පත්‍රිකා, ලිපි, පරිගණක වැඩසටහන් හා වෙනත් ලියැවිලි
* කතා, දේශනා, ඇමතීම්, අනුශාසනා සහ වෙනත් වාචික කෘති
* නාටකීය/ ගීත නාටකීය කෘති, අභිරූපන නෘත්‍ය විද්‍යාත්මක කෘති හා වේදිකා නිෂ්පාදනය කෘති
* පෙර වගන්තියේ නිශ්චිතව සඳහන් යෝග්‍ය ජනප්‍රවාද ප්‍රකාශන, වේදිකා නිෂ්පාදන හා එවැනි නිෂ්පාදන කෘති
* සංගීතය සමඟ ගයන වචන ඇතුළත් හෝ නොවන සංගීතමය කෘති
* ශ්‍රව්‍ය දෘශ්‍ය කෘති
* ගෘහ නිර්මාණ ශිල්පීය කෘති
* චිත්‍ර, පින්තාරු කිරීම්, මූර්ති, කැටයම්, ලිතෝ මුද්‍රණ, විචිත්‍ර ගෙත්තම් සහ වෙනත් ලලිත කලා කෘති
* ඡායාරූප ශිල්පීය කෘති
* ව්‍යවහාරික කලා කෘති
* භූගෝල විද්‍යාව හා භූ ලක්ෂණ විද්‍යාවේ ගෘහනිර්මාණ ශිල්පීය හෝ විද්‍යාව හා සම්බන්ධ සිතියම් පිඹුරු කටු සටහන් හා ත්‍රිමාන කෘති
ව්‍යුත්පන්න කෘතිය ලෙස සැලකෙන කෘති වල පරිවර්තන, අනුවර්තන, එකලස් කිරීම සහ වෙනත් විපර්යාසයන් ආදියටද ප්‍රකාශන හිමිකමෙහි ආරක්ෂාව ලැබේ.
ඉහත කෘති ප්‍රකාශනය කරන ලද ක්‍රමය හෝ අන්තර්ගතය ගුණාත්මකභාවය නොසලකා හුදෙක් නිර්මාණය කරනු ලැබීමේ කාරණය කරණකොටගෙන ආරක්ෂා වනු ලැබේ. එනම් ප්‍රකාශන හිමිකම ලබා ගැනීම සඳහා ලියාපදිංචි කිරීමක් අවශ්‍ය නොවේ.
පනතේ 8 වැනි වගන්තියෙන් අනාරක්ෂිත කෘති හෙවත් ප්‍රකාශන හිමිකම එහි ආරක්ෂාව නොලැබෙන කෘති වන්නේ,
* කෘතියක අඩංගු වන අදහසක්, ක්‍රියාවලියක්, ක්‍රියා පිළිවෙලක්,ක්‍රමයක්, සංකල්පයක්, ප්‍රතිපත්තියක් හෝ දත්ත
* ව්‍යවස්ථාදායක පරිපාලනමය හෝ නීතිමය වන යම් නිල පාඨ හෝ ඒවායේ නිල පරිවර්තන
* පොදුවේ නිවේදනය කරනු ලබන දෛනික ප්‍රවෘත්ති
* කෙටි නාම හෝ කෙටි තේමා මුල් නොවූ කෘති හා ආරක්ෂිත කාල පරිච්ඡේදයේ සීමා වූ කෘති
ශ්‍රී ලංකාවට සන්නිවේදන අධ්‍යයනය හදුන්වා දුන්නේ කෙසේද?
මානව සන්නිවේදනය මිනිසාගේ ආරම්භයත් තෙක් දිවෙන ක්‍රියාවලියක් වූවත්, එය න්‍යායාත්මක විෂයක් වශයෙන් අධ්‍යනය කිරීම ආරම්භ වන්නේ විසිවන සියවසේ මුල් භාගයේදී පමණය. වර්ෂ 1947 දී ඇමරිකාවේ ඉලිනොයිස් විශ්වවිද්‍යාලය මුල් කර ගනිමින් සන්නිවේදන අධ්‍යනය වෙනුවෙන් පාඨමාලා ආරම්භ කෙරිණි. තවද සන්නිවේදන අධ්‍යනය ආයතන ගත කිරීමට පුරෝගාමීත්වය ලබා දුන් පුද්ගලයා වශයෙන් සන්නිවේදන ඉතිහාසය තුළ හමුවන්නේ මහාචාර්ය විල්බ ශ්‍රාම්ය. පළමු සහ දෙවන ලෝක මහා සංග්‍රාමයන් මෙන්ම කාර්මික විප්ලවය හේතුවෙන් සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය ක්‍රමානුකූලව වර්ධනය විය. එසේම සන්නිවේදන අධ්‍යනයේ න්‍යායාත්මක පාර්ෂවය පෝෂණය කිරීම සඳහා ඇමරිකානු විද්වතුන් රාශියකගේ මෙන්ම යුරෝපීය විද්වතුන් රාශියගේ සහයෝගය මුල්කාලීනව ඊට හිමි විය.
තවද සන්නිවේදන අධ්‍යයන ශික්ෂණය කෙරෙහි යොමුවීමට බලපෑ තවත් හේතුවක් බවට පත් වූයේ යුනෙස්කෝ විසින් 1982 වසරේදී හඳුන්වා දුන් ගෲන්වල්ට් ප්‍රකාශනයි. මෙම ගෘෘන්වල්ට් ප්‍රකාශනය යෝජනා කරන ලද්දේ පාසල් ප්‍රාථමික ශ්‍රේණියේ සිට විශ්ව විද්‍යාල මට්ටම දක්වාත්, වැඩිහිටි අධ්‍යාපනයෙහිදී ද සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ වැඩසටහන් ආරම්භ කරමින් ප්‍රචලිත කළ යුතු බවයි. ගෲන්වල්ට් ප්‍රකාශනය විසින් නිකුත් කළ මාධ්‍ය අධ්‍යාපනයේ ඇති අවශ්‍යතාවය පිළිබඳ පාඨයෙන් සනාථ වන්නේ එවකට සමාජය තුළ පුද්ගලයින්ට සුවිශාල බලපෑමක් කිරීමට ජනමාධ්‍ය හේතු වූ බවයි. එබැවින් ඒ සමාජ සන්දර්භය මත පාදක වෙමින් ගෲන්වල්ට් ප්‍රකාශනය සන්නිවේදනය හා මාධ්‍යයක් අධ්‍යයනය විශය අධ්‍යනය කිරීමේ අවශ්‍යතාවය පළමු වරට පෙන්වා දුනි. යුරෝපය සහ ඇමරිකාව කේන්ද්‍ර කර ගනිමින් බිහිවන සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය පසුකාලීනව සමස්ත ලෝකය පුරා ව්‍යාප්ත වෙයි. ඒ අනුව සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම පිළිබඳ අධ්‍යනය කිරීම මෙම ලිපියේ අරමුණයි.
ශ්‍රී ලංකාවේ සන්නිවේදන ඉතිහාසය ප්‍රාග් යුගයෙන් ආරම්භව රාජාණ්ඩු සමය සහ බටහිර ජාතීන්ගේ කාලය වන විට ඉතා දියුණු වර්ධනයක් අත්පත් කරගෙන පැවතුණි. සෙල්ලිපි රචනා කිරීම, පුස්කොළ පොත් ලිවීම, සංදේශ කාව්‍ය රචනය, ගද්‍ය සහ පද්‍ය ග්‍රන්ථ රචනය, පුවත්පත් මුද්‍රණය, ගුවන්විදුලිය ආරම්භ වීම, රූපවාහිනිය ආරම්භ වීම සහ සිනමාව ආරම්භ වීම ශ්‍රී ලාංකීය සන්නිවේදන ඉතිහාසයේ සුවිශේෂීය සන්ධිස්ථාන වෙයි.
සන්නිවේදන ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවේ ප්‍රායෝගික මට්ටමින් ක්‍රියාත්මක වූ නමුත් එය විෂයක් වශයෙන් න්‍යායාත්මක ආකාරයෙන් ස්ථාපිත වන්නේ ඊට බොහෝ කාලයකට පසුවය. සන්නිවේදන අධ්‍යනයේ අවශ්‍යතාවය පළමුවරට පෙන්වා දුන් පුද්ගලයා බවට පත් වන්නේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාය. පුවත්පත් කලාවේදී සහ පුවත්පත් කර්මාන්තයේ ඒකාධිකාරීත්වය අරභයා සිදුකළ කතාවක් තුළින් ඒ බව මනාව පැහැදිලි වෙයි. එසේම ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාල පද්ධතියට සන්නිවේදන අධ්‍යනය පිළිබඳ උපාධි පාඨමාලා හඳුන්වාදීමට මුල් වූයේ ද එස්. ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාය.
අනතුරුව ශ්‍රී ලංකාව තුළ ක්‍රමවත් සහ විධිමත් ආකාරයට සන්නිවේදන විෂය පිළිබඳ පාඨමාලාවක් ආරම්භ වන්නේ 1968ත් 1969 අතර කාලවකවානුවේදීය. ඒ දෙහිවල කනිෂ්ඨ විශ්වවිද්‍යාලයේ මූලික වීමෙනි. පුවත්පත් කලාව පිළිබඳ ප්‍රාමාණිකයෙකු වූ ආචාර්යය එඩ්වින් ආරියදාස මහතා විසින් පුවත්පත් කලාවේදය නමින් එම පාඨමාලාව ආරම්භ කරන ලදී. එසේම පුවත්පත් කලාවේදය පාඨමාලාව සඳහා අවශ්‍ය විෂය නිර්දේශය සකස් කරමින් එම පාඨමාලාව ක්‍රියාත්මක කිරීමට මූලිකත්වය ගන්නා ලදී. එවකට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඇමතිවරයාව සිටි අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා මෙම පාඨමාලාව සඳහා මූලික නායකත්වය ලබාදෙමින් ආරියදාස මහතාට සහයෝගය දක්වා ඇත. නමුත් දෙහිවල කණිෂ්ඨ විශ්වවිද්‍යාලයේ ආරම්භ වන පුවත්පත් කලාවේදය පාඨමාලාව වසර දෙකකින් පසු අවලංගු වී ඇත.
එසේම 1972 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පුවත්පත් කලාව යනුවෙන් ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කර ඇති අතර වසරකින් පමණ පසු එම පුවත්පත් පාඨමාලාව ද අසාර්ථක වී ඇත. එය අනුව පෙනී යන්නේ මුල් කාලයේදී සන්නිවේදන අධ්‍යනය වෙනුවෙන් ආරම්භ කළ පාඨමාලාවන් අතරමග නතරවීමට විවිධ හේතූන් බලපා ඇති බවයි. 1960 සහ 1970 දශකවලදී ලෝකයේ සමාජ, ආර්ථික, දේශපාලන ආදී විවිධ ක්ෂේත්‍රවල උද්ගත වූ අර්බුදමය තත්ත්වය ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ සමාජය තුළ ද මතු විය. එහි බලපෑම මත 1971 කැරැල්ල දේශීය වශයෙන් සිදු වූ ප්‍රධාන ප්‍රබල වෙනසකි. 1972 කැරැල්ල සිදුවීම හේතුවෙන් නැවත ශ්‍රී ලාංකීය සමාජය පිළිබඳ නැවත හැරී බැලීමකට රාජ්‍ය පාලනයට අවස්ථාව උදාවිය. 1971 කැරැල්ල තුළින් සමාජ දරිද්‍රතාව, තරුණ විරැකියාව, විශේෂයෙන්ම උපාධිධාරීන්ගේ විරැකියා ගැටලුව ආදී සමාජ ප්‍රශ්න මතුවිය. එබැවින් එම සමාජ ප්‍රශ්න පිළිබඳ සොයා බැලීමට රජය විසින් ඔස්මන්ඩ් ජයරත්න කමිටුව පත්කළ අතර එහි නිර්දේශයන් වූයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් සංශෝධන හා වෙනස්කම් සිදුවිය යුතු බවයි. 1971 කැරැල්ලේ බලපෑම සහ ඔස්මන්ඩ් ජයරත්න කමිටුවේ යෝජනා මත පදනම් වෙමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් විශ්වවිද්‍යාලවල පවතින සාම්ප්‍රදායික පාඨමාලා වෙනුවට නවාකාරයකින් වෘත්තියා අභිමුඛ පාටමාලා කිරීමට කටයුතු කරන්නේ අනතුරුවය. නවීන ලෝකයට ගැලපෙන ආකාරයෙන් විශ්ව විද්‍යාල පාඨමාලා සකස් කරමින් ලෝකයට අවශ්‍ය වන වෘත්තීයවේදීන් බිහි කිරීමට මෙම ඔස්මන්ඩ් ජයරත්න කමිටුව මුල්විය.
1971 කරලින් පසු විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා නව විෂය පථයන් හඳුන්වා දීමේදී සන්නිවේදන විෂය ද විශ්වවිද්‍යාල පද්ධතියට හඳුන්වා දී ඇත. මේ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත්කරන ලද කමිටුවේ මහාචාර්ය විමල් දිසානායක, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, මහාචාර්ය එම්.බී.ආරියපාල, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර වැනි පුද්ගලයින් සාමාජිකයින් බවට පත්විය. ඒ අනුව 1973 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යනාංශයේ යනුවෙන් නව අංශයක් ප්‍රථම වරට ආරම්භ කරන ලදී. ඒ තුළින් ජන සන්නිවේදනය පිළිබඳ සාමාන්‍ය සහ ගෞරව උපාධි පාඨමාලා ලබාදීම සිදුවිය. කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යාංශයේ සන්නිවේදන විෂය සදහා මුල් කාලයේ අභ්‍යන්තර කථිකාචාර්‍යවරුන් දෙදෙනකු විය.මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් සහ මහාචාර්ය විමල් දිසානායකයන් ඔවුන් වේ. තවද බාහිර කතිකාචාර්‍යවරයන් වශයෙන් මහගමසේකර, අමරදේව ඩී.සී. රණතුංග, ඩී.බී. නිහාල්සිංහ, කේ. ජයතිලක, එඩ්වින් ආරියදාස, පියසිරි ගුණරත්න, පියසෝම මේදිස් යන අය වෙති.
ජාතික අධ්‍යාපන ආයතනයේ මූලිකත්වයෙන් 2006 වසරේ දී 10 වසරට ද, 2007 දී 11 වසරට සහ 2008 වසරේ දී උසස් පෙළ සදහා සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය පාසල් පද්ධතියට හදුන්වා දී ඇත.
Thursday, 23 April 2026
ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්
2011 වර්ෂය වෙද්දි සකර්බර්ග්ගේ මුළු වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 13.5ක් ලෙස තක්සේරු කරනු ලබනවා. ඔබට අද නැතුවම බැරි ‘ෆේස්බුක්’, එහෙම නැත්තම් ‘මුහුණු පොත’, ‘නිල්පාටින්ම ඇයි?’ කියලා දන්නවද? ඒකට හේතුව මාර්ක් සකර්බර්ග් වර්ණ අන්ධතාවයෙන් පෙළෙන්නෙක්. ඔහුට රතු සහ කොළ කියන වර්ණ හොඳින් පෙනෙන්නෙ නැහැ.නිල් පාට විතරයි හොදින් පෙනෙන්නේ .ඒ නිසයි මුහුණු පොතට නිල්පාටම යොදාගන්නේ.
සකර්බර්ග්ගේ පියා දන්ත වෛද්‍යවරයෙක් වන අතර මව මනෝචිකිත්සකවරියක්. ඔහුට සොහොයුරියන් තිදෙනෙකු සිටිනවා. ඒ වගේම තමයි ෆේස්බුක් නිර්මාතෘවරයා යුදෙව් ජාතිකයෙක්. වසර 2011 දී ඔහු යුදෙව් ජාතිකයින් අතරින් ප්‍රබලතම පුද්ගලයා බවට නම් කරනු ලබනවා. සකර්බර්ග් 2012 දී විවාහ වෙන්නේ ඔහුගේ දිගුකාලීන පෙම්වතිය වූ ප්‍රිෂිලා චෑන් සමඟයි. මේ වන විට ඔහු දියණියන් දෙදෙනෙකුගේ පියෙක්. මොහුගේ වයස අවුරුදු 36ක් වෙනවා.
මුලදී මාර්ක් සහ ඔහුගේ මිතුරන්ට අවශ්‍ය වන්නේ Dating Site එකක් නිර්මාණය කිරීමටයි. පසුව එය නවත්වා Facebook වෙබ් අඩවිය නිර්මාණය කරනවා. 2004 ජුනි මස ඔහුගේ මිතුරන් වන Dustin Moskovitz, Chris Hughes සහ Eduardo Saverin Facebook වෙබ් අඩවියේ ගිණුම් සාදා ගන්නවා. ඔහුගේ පූර්ණ කැප වීම සාර්ථක වෙමින් 2004 වසර අවසාන වන විට Facebook වෙබ් අඩවිය භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය මිලියන 1 දක්වා ඉහල යනවා.
Monday, 20 April 2026
සමීක්ෂණ ආචාරධර්ම
ආචාරධර්ම යනු මානව හැසිරීම් වල හරි-වැරැද්ද, හොඳ-නරක, සහ යුතුකම් පිළිබඳව හැදෑරෙන, සමාජීය වශයෙන් පිළිගත් චර්යාත්මක නීති මාලාවකි. පුද්ගලයාගේ හික්මීම විධිමත් කරමින්, සමාජ පැවැත්ම ශක්තිමත් සහ සුරක්ෂිත කිරීමේ අරමුණින් සත්‍යය, සාධාරණත්වය සහ අවිහිංසාව පදනම් කරගෙන ගොඩනැගෙන ප්‍රායෝගික දර්ශනයක් ලෙස මෙය හැඳින්විය හැකිය. එමෙන්ම මෙම ආචාරධර්මයන් සමීක්ෂණ සම්බන්ධයෙන්ද පවතී.එනම් සමීක්ෂකයෙකු කිසියම් සමීක්ෂණයක් සිදු කිරීමෙදී ආචාරධර්මයන් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව සමීක්ෂණ සම්බන්ධයෙන් පිළිපැදිය යුතු ආචාරධර්ම පහත ආකාරයට පෙන්වා දිය හැකිය.
සමීක්ෂණ ආචාරධර්ම
Monday, 13 April 2026
සන්නිවේදනයේ පුරෝගාමී මහාචාර්යය විල්බර් ශ්‍රාම්
මෙම නිර්වචනය පිළිබදව පැහැදිළි කිරීමක් කිරීමේ දී ශ්‍රාම් මෙහි''දෙපාර්ශවයක්''යනුවෙන් හදුන්වන්නේ''සන්නිවේකයා'' හා ''ග්‍රාහකයායි'' එක් පාර්ශ්වයක සන්නිවේදකයා සිටින අතර''තොරතුරු'' ගැබ් වූ සංඥාව යනු සංදේශයයි. මෙම තොරතුරු ගැබ්ව ඇත්තේ සංඥාව තුළය. එම ''සංඥාව'' දෙපාර්ශ්වය අතර හුවමාරු වන බව ශ්‍රාම් විස්තර කරයි. එසේම විල්බර් ශ්‍රාම් තම නිර්වචනයේ ද ඵලය හෙවත් බලපෑම පිළිබදව ද අවධානය යොමු කරයි. එනම් ''සමාන මානසිකත්වයක් ඇතිකරලීමයි''
සන්නිවේදනය දෙස සියලු අංශ නියෝජනය වන අයුරින් විමර්ශනයට ලක් කොට ඇති මොහු සන්නිවේදනය විධිමත් අඩිතාලමක් කරා ගෙන ඒමට පුරෝගාමී වූ දාර්ශනිකයෙන් ලෙස පෙන්වා දිය හැක.
තව ද සන්නිවේදන අධ්‍යයනය විධිමත් ලෙස ආයතනගත කිරීමට මෙන්ම සන්නිවේදන විෂයෙහි ප්‍රමුඛ දායකත්වයක් සපයන ලද පුද්ගලයා වන්නේ මහාචාර්ය විල්බර් ශ්‍රාම්ය. ඔහු විසින් සන්නිවේදන අධ්‍යයනය විධිමත් ආකාරයට අධ්‍යයනය කිරීමට අවශ්‍ය පදනම සකස් කරනු ලබීය.සන්නිවේදන අධ්‍යයන ක්ෂේත්‍රයෙහි විවිධ අංශ කෙරෙහි අවධානය යොමු කළ ශ්‍රාම් පර්යේෂකයකු ලෙස ද න්‍යායවාදියකු ලෙස ද විෂය පෝෂණය කරන ලදි. සන්නිවේදන විෂය දෙස නව දෘෂ්ටිකෝණයකින් බැලීමට අවශ්‍යය පරිසරය ඔහු විසින් ගොඩ නගන ලද්දේ යැයි සඳහන් කළ හැකිය.
විල්බර් ශ්‍රාම් විසින් 1948 දී ඉලිනෝයි විශ්ව විද්‍යාලයෙහි "සන්නිවේදන පර්යේෂණ ආයතනය" නම් ආයතනය පිහිටුවනු ලැබීය. ඔහු එම ආයතනයේ අධ්‍යක්‍ෂක වරයා ද විය.1947 සිට 1955 දක්වා ඉලිනෝයි විශ්ව විද්‍යාලයෙහි සන්නිවේදන අධ්‍යයනය පිළිබඳ මහාචාර්ය වරයකු ලෙස ද ඔහු කටයුතු කළ අතර ඉන් පසුව 1955 දී ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ද ඉහත ආකාරයේම පර්යේෂණ ආයතනයක් පිහිටුවීමට ශ්‍රාම් කටයුතු කරන ලදි. 1955 සිට ස්ටැන්ෆර්ඩ් පර්යේෂණ ආයතනයේ අධ්‍යයක්ෂක ලෙස කටයුතු කළ අතරම ජාත්‍යන්තර සන්නිවේදනය පිළිබඳ මහාචාර්යයවරයා ලෙස ද කටයුතු කරන ලදි. තුන්වන ලෝකයේ රටවල සංවර්ධනයට සන්නිවේදනය දායක කර ගත හැකි බව තේරුම් ගත් මුල්ම පුද්ගලයා වන්නේ ද ශ්‍රාම්ය. 1964 දී විල්බර් ශ්‍රාම් හා ඩැනියල් ලර්නර් හවායි නුවර දී“Communication and Change in the Developing Countries” නමින් විශාල සම්මන්ත්‍රණයක් සංවිධානය කළ අතර ඒ නමින් පොතක් ද නිකුත් කරන ලදි. එහි දී ශ්‍රාම් 1900 අවසාන දශකය වන විට විධිමත් ලෙස පාඨමාලාගතව සන්නිවේදන අධ්‍යයනය විශ්වවිද්‍යාල තුළ අධ්‍යයනය කිරීම මුළු ලොව පුරා විසිරී යන ලදි.1970 දශකයෙන් පසුව සන්නිවේදන අධ්‍යයනය විෂය කෙරෙහි ප්‍රමුඛතාවක් යුරෝපීය විශ්වවිද්‍යාල ලබා දෙන ලදි
-
සන්නිවේදනය යනු පුද්ගලයන් අතර අදහස්, ආකල්ප, මතිමතාන්තර හා විශ්වාස හුවමාරු කර ගැ...
-
ජන සන්නිවේදන ක්‍රියාවලියේ පවතින සංකීර්ණ ස්වභාවය හේතුවෙන් විවිධ වූ සන්නිවේදන ආච...
-
සන්නිවේදනය පිළිබඳ නිර්වචන සන්නිවේදනය පිළිබඳ ව මූලික අවබෝධයක් ලැබීමට ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති නිර්වචන ඉතා ප්‍රයෝජනවත් ය. විවිධ විදව්තනු...