නව මාධ්‍ය හදුනාගනිමු..
ඩිජිටල් තාක්ෂණය මුසු වූ ජාලමය සම්බන්ධතා සහිත අන්තර් ක්‍රියාකාරී තාක්ෂණයක් ලෙස නව මාධ්‍ය හදුනාගන්න පුලුවන්..මෙය 20 වන සියවසේ අග භාගයේදී නිර්මාණය වුනේ ඒ කාලය වන විට තාක්ෂණයේ ඇති වූ විසල් දියුණුව සමග.
නව මාධ්‍ය හරහා සක්‍රීය ප්‍රතිපෝෂණයක් ලබා ගත හැකි අතරම නිර්මාණශීලී ලෙස පණිවිඩ සන්නිවේදනය කිරීමේ හැකියාව පවතිනවා.
ආචාර්‍ය ඊසල් නිව්මාන් නම් විද්වතා විසින් නව මාධ්‍ය යනු කුමක්ද යන්න අර්ථ දක්වා තිබෙන්නෙ මෙලෙසයි.
"නව මාධ්‍ය යනු භාවිත කරන්නාගේ අවශ්‍යතාව අනුව අවශ්‍ය ස්ථානයක සිට අවශ්‍ය තොරතුරු සපයා ගත හැකි, භාවිත කරන්නාටද ස්වකීය අදහස් ප්‍රකාශනයට ඉඩ ඇති නිර්මාණශීලී මාධ්‍ය අවකාශයක් ලෙසට සන්නිවේදන කාර්‍ය සදහා භාවිත කරන මාධ්‍ය වේ."
එනම්,ඕනෑම ඩිජිටල් උපකරණයක් භාවිත කරමින් ඔනෑම ස්ථානයක, ඕනෑම වෙලාවක අන්තර් ක්‍රියාකාරී ලෙස ප්‍රතිපෝෂණය සහිතව මෙය ක්‍රියාත්මක කල හැකි බවයි.
අන්තර්ජාලය, ජංගම දුරකතනය, පරිගණකය නව මාධ්‍ය ලෙස හදුන්වා දෙන්න පුලුවන්..
ඊසල් නිව්මන් විද්වතාට අනුව නව මාධ්‍යවල හදුනා ගත හැකි කරුණු කිහිපයක් තිබෙනවා.
එය සන්නිවේදනයේ විශාල වර්ධනයක් වීම , සන්නිවේදනයේ වේගය ඉහල නංවන්නක් වීම, අන්තර් ක්‍රියාකාරී සන්නිවේදනයක් වීම, මාධ්‍ය එක් කිරීමට දායක් වීම මෙහි ඇති සුවිශේෂීත්වයයි.
නව මාධ්‍ය සතුව තවත් විශේෂතා කිහිපයක් දකින්න පුලුවන්..
01. පරිහරණයට විශේෂ දැනුමක් අවශ්‍ය වීම
02. සාපේක්ෂව වේගවත් බව
03. හිමිකාරිත්වයේ අවිනිශ්චිත බව
06. පුළුල් විෂය පථයක් ග්‍රහණය කල හැකි වීම
මෙම මාධ්‍ය සතුව දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ කිහිපයක්.
01. භාෂාව සංක්ෂිප්තව යොදා ගැනීම
02. විශේෂ භාෂා සංකේත භාවිතය
03. ලුහුඩු භාෂාව සදහා කෙටි යෙදුම්
04. දේශීය භාෂා ඉංග්‍රීසි අක්ෂර යොදා ලිවීම.
05. ඉංග්‍රීසි භාෂාවට ප්‍රමුඛතාව ලැබීම
06. භාෂා මිශ්‍ර කිරීම
07. පොදු සම්මුතීන් අවම වීම
08.භාෂා රීති නොසලකා හැරීම
👍👍
ReplyDelete👍👍
ReplyDelete👍🫶
ReplyDelete