ගෝලීය සංස්කෘතිය
ගෝලීයකරණය/ගෝලීය සම්ප්‍රධාය යන සංකල්පය මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ 1981 වර්ෂයේදී ජෝන් මැක්ලීන් විසිනි.
ගෝලීය සංස්කෘතිය සංකල්පය රෝලන් රොබට්සන් විසින් 1985 දී ඉදිරිපත් කරන ලදී.
මානව වර්ගයාගේ සමාජ පරිණාමය වර්තමානය වනවිට ගෝලීය මට්ටමක් දක්වා වර්ධනය වී ඇත. වෙන් වෙන්ව හුදකලාව වෙසෙමින් තම විවිධ අවශ්‍යතා ඉටුකර ගත් රට රටවල මහජනයා ලෝකය එක ම රටක් ලෙස සලකා කටයුතු කරන අයුරු දැකගත හැකිය. වෙනම ආගම් අදහන, වෙනම භාෂාවන් කතා කරන, වෙනම ආහාරපාන ගන්නා, වෙනම තීන්දු තීරණ ගන්නා පිරිසක් ලෙස නොසිතා ලොව සමස්ත වැසියෝ පොදු න්‍යාය පත්‍රයක් තුළ පිහිටා කටයුතු කරන සෙයක් දක්නට ලැබේ. එයට කියන්නේ ගෝලීයකරණය යන වචනයයි.
ගෝලීයකරණය මගින් වර්තමාන මිනිස් ජීවිතයේ සියලු ක්ෂේත්‍ර ස්පර්ශ කරනු ලබයි. ආහාර,නිවාස, ඇදුම් පැළදුම්, යාන වාහන, ව්‍යාපාර,අධ්‍යාපනය, සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර යනාදිය තව දුරටත් තම දේශීය අනන්‍යතාවෙන් යුත්ත වැඩපිළිවෙළක් ඔස්සේ ක්‍රියාත්මක නොවේ. ඒවා ලෝකයේ කොහේ හෝ උපරි සමාජයකින් ව්‍යාප්ත වූවකි. නූතන මිනිසාගේ ඇගලුම් හා ශරීරාභරණ දෙස විමසා බැලීමේදී පෙනී යන්නේ ඒවායෙහි කොටස් ලොව විවිධ රටවල නිපදවා ඇති ඒවා බවයි.
ගෝලීයකරණය මූලික වශයෙන් ආර්ථික ක්‍රියාවලියකි. ආර්ථික වාසි අත්පත් කර ගැනීමේ ප්‍රමුඛ අපේක්ෂාව මත ලොව සුපිරි රටවල ව්‍යාපාරික පැලැන්තියේ අනුග්‍රහය මත ගෝලීයකරණයට වැඩෙන්නට ඉඩහැර තිබේ.
ආර්ථිකයේ ගෝලීයකරණය යනු, නිෂ්පාදන බලවේගවල සහ නිෂ්පාදන සම්බන්ධතාවල ලෝක පරිමාණ ව්‍යාප්ත වීම සහ සියලු ජාතික, පාර ජාතික, බහුජාතික සමාගම්වල ක්‍රියාකාරීත්වය මගින් ලොවපුරා විසිරී පවතින විවිධ ආර්ථික ක්‍රියාකාරකම් ඒකීය සමස්ථයක් ලෙස ඒකාබද්ධව මෙහෙයවීමයි. එනම් මෙහිදී සිදුවන්නේ එක් එක් රටවල් මූලික කරගෙන බිහි වූ විවිධ ක්ෂේත්‍ර වලට අදාළ ව්‍යාපාර වෙනත් රටවල් කරා ද ව්‍යාප්ත වීම සිදු වූ බවයි. එපමණකින් නොනැවතී සමාන නිෂ්පාදන පවත්වාගෙන යන්නන්ගේ ගොනුගත වීමක් ද සිදුවන්නට විය. අසීමිත ලාභ අපේක්ෂාවෙන් බහුජාතික සමාගම් ලෙස ඒකාබද්ධ වූ මොවුන් ජාතික රාජ්‍යයන්ට ද බලපෑම් කරමින් තම ව්‍යාපාර ඉලක්ක කරා ගමන් කරන්නට විය. මෙම බහුජාතික සමාගම් වලට එරෙහිව ගොඩනැගෙන සියලු ව්‍යාපාර තම මූල්‍යමය බලය යොදවා විනාශ කර තමන් තව දුරටත් ඒකාධිකාරී බලයක් සහිතව ගොඩනැගෙන්නට කටයුතු කරමින් සිටී.
වර්තමානයේදී මෙම ආර්ථිකයේ ගෝලීයකරණයට සමගාමී ව දේශපාලනය, සංස්කෘතිය, අධ්‍යාපනය, මාධ්‍ය ආදී මානව ක්‍රියාකාරීත්වයේ සියලු ක්ෂේත්‍ර ගෝලීයකරණයට ලක් වී තිබේ.
ශ්‍රි ලංකාවේ ශිෂ්‍ය ප්‍රජාවට ඇමරිකාව, රුසියාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව වැනි රටවලින් ඉදිරිපත් කරන විභාග සදහා ශ්‍රී ලංකාවේ සිට පෙනී සිටීමට හැකි වීම අධ්‍යාපනයේ ගෝලීයකරණයට උදාහරණයකි.
මානව සමාජ පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙස වර්ථමානයේ නිර්මාණය වී ඇති ගෝලීය උපරි සමාජය ඊට අයත් උපරි ආර්ථිකය, උපරි රාජ්‍ය, උපරි දෘෂ්ටිවාදය, උපරි සංස්කෘතිය, උපරි මාධ්‍ය සංස්කෘතිය යනාදියෙහි ආධිපත්‍යයට නතුව තිබීම සමකාලීන ගෝලීය වර්ධනයේ විශේෂයකි.
උපරි සමාජ ලෙසින් හැදින්වෙන්නේ සුපිරි සමාජයන්ය. එනම් ආර්ථිකය ඇතුලු සෑම අතින් ම දියුණු සමාජයන්ය.ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, චීනය වැනි රාජ්‍යයන් ඊට උදාහරණ වේ. මෙම රටවල් අත්පත් කරගෙන ඇති බලවත්කම නිසා ම අන් රටවල් මේ රටවල් කෙරෙහි දක්වන්නේ වහල් භාවයකි. විචාර බුද්ධියකින් තොරව මෙවැනි රටවල්වල සංස්කෘතික ගති ලක්ෂණ දුප්පත් රටවල් විසින් ඇදහීම සදහා යොමු වී තිබීම සමකාලීන ගති ලක්ෂණයකි.
ගෝලීය උපරි සමාජ බිහිවීම සමාජ ගමන්මගේ තවත් එක් අදියරක් ලෙස සැළකි හැකිය.
මුල් යුගයේ දී අනුගමනය කළ විවිධ ආර්ථික උපක්‍රම නිසාත්, දුප්පත් රටවල් යටත් විජිතයන් ලෙස පාලනය කරගෙන යාම නිසාත් ලෝකයේ සමහර බටහිර හා යුරෝපීය රටවල් ධනවත් රාජ්‍යයන් බවට පත් වූහ. ඔවුන් තම අණසක ලොවපුරා ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීමත් ඊට දුප්පත් රටවල් සටනකින් තොරව හිස නැමීමත් නිසා මෙම ආක්‍රමණික රටවල් බලවතුන් බවට පත්විය.
ඒ අනුව,ගෝලීය සංස්කෘතිය යනු,ගෝලීය උපරි සමාජයේ අනුදැනුම හා මග පෙන්වීම යටතේ ලොව සියලු ජාතික, වාර්ගික, සංස්කෘතීන් විනාශ කරමින් ව්‍යාප්ත වන ජන සංස්කෘතිය ලෙසින් හැදින්විය හැකිය.
උක්ත ප්‍රකාශයෙන් තහවුරු වන්නේ ලොව ධනවත්, මෙන්ම බලවත් රටවල්වල ආශිර්වාදයෙන් ඔවුන්ගේ උවමනාවට අනෙකුත් සංස්කෘතීන් පාගා දමා ගෝලීය සංස්කෘතිය ගොඩ නගන බවයි.
සමකාලීන සංස්කෘතික ගෝලීයකරණය තුළ ක්‍රියාත්මක වන්නේ අධිරාජ්‍යවාදී ආකෘතියකි.
ex බොහෝ ජාතික රූපවාහිනී නාලිකාවල ආධිපත්‍ය දරන්නේ ගෝලීය උපරි සමාජය නියෝජනය කරන පාරජාතික සමාජවල රූපවාහිනී නිෂ්පාදන වීම.
ගෝලීය තොරතුරු ප්‍රවාහයේ 85% ක් අයත්වන්නේ ගෝලීය උපරි සමාජයේ සමාගම් පහකටය.
ලෝකයේ දැවැන්ත වෙළද දැන්වීම් සමාගම් 10 න් 9ක් ම අයත්වන්නේ උතුරු ඇමරිකානු සමාගම්වලටය.
ලෝකයේ වඩාත් ජනප්‍රිය චිත්‍රපට 100 අතරින් 88ක්ම ඇමරිකානු ඒවා වන අතර, ලොවපුරා රටවල් විසින් ආනයනය කරන වැඩසටහන් අතරින් 75%ක් ම ඇමරිකානු ඒවාය.
සංස්කෘතියේ ගෝලියකරණය හරහා නිර්මාණය වී ඇති තවත් ප්‍රවණතාවක් වන්නේ සියලුම ජාතික.සංස්කෘතීන් වලට ආවේණික වූ ආහාර සංස්කෘතිය, භාෂා භාවිතය, විලාසිතා සංස්කෘතිය,අධ්‍යාපන සංකෘතිය, ජාතික ජාතික චින්තන සංස්කෘතිය යනාදිය තර්ජනයට ලක්වෙමින් පැවතීමය.
සියලු ජාතික සංස්කෘතීන් ඒකාකාර වීම සහ සමජාතීකරණය වීම වර්තමානයේදී ගෝලීය ගැටලුවක් බවට පත්ව තිබේ. අද ලෝක වාසී ජනයා පෘතුවි වැසියෙකු ලෙස හදුන්වන්නේ මේ නිසාය.
No comments:
Post a Comment