නව මාධ්‍ය හඳුනා ගනිමු.
නව මාධ්‍යය යනු අංකිත තාක්ෂණය ඔස්සේ තොරතුරු අංකිත කිරීම, ශබ්දය, වචන, දත්ත ග්‍රැෆික්ස්, චිත්‍ර, රූප වීඩියෝ හකුළුවා ඒවා ඉතා පහසුවෙන් පිටපත් කර අඩු පිරිවැයක් යටතේ ඉතා වේගයෙන් බෙදා හැරිය හැකි මාධ්‍යයි.මෙම දත්ත,හඬ,ශබ්ද බින්දුවත් එකත් අතර අංකිත තාක්ෂණ ක්‍රමවේදයන්ට හකුළුවා දැක්විය හැකිය.
නව මාධ්‍ය දුරකථනය හා අන්තර්ජාලය ඔස්සේ බිහි වූවකි.දුරකථනය ප්‍රධාන වශයෙන් කටහඬ හා සංඥා මත රැඳී පවතී.රැහැන් සහිත දුරකථන ක්‍රියාවලිය මේ වනවිට රැහැන් රහිත වී ඇති අතර එය අන්කිත දුරකථන තාක්ෂණය දක්වා වර්ධනය වී .ඇත
එමගින් දුරකථන ජාලයේ කාර්ය ,ශක්‍යතාව සහ ගුණාත්මක බව වැඩිදියුණු විය.මෙම ක්‍රියාවලියේදී සෙලියුලර් ජාල සමාජය (IG) digital දුරකථන ජාල සමාජය (TG) අතිවේග දත්ත ජාල සමාජය හා බ්‍රෝඩ් බ්‍රෑන්ඩ් ජංගම දුරකතන තාක්ෂණය (3G) ALL-IP ජාල සමාජය (4G) දක්වා මෙන්ම චන්ද්‍රිකා තාක්ෂණික දුරකථන සන්නිවේදනය දක්වා ද දක්වාද වර්ධනය වීම දැකගත හැකිය.
අන්තර්ජාලය නව මාධ්‍යයක් ලෙස සැලකිය හැකි වන්නේ එමගින් ජාලගත වේගවත් තොරතුරු හුවමාරුවක් සිදුවන බැවිනි. 1960 දශකයේ පරිගණකය ආශ්රයෙන් එකිනෙකා අතර විශේෂයෙන් පර්යේෂණ පදනම් කරගෙන විද්‍යාව සම්බන්ධ තොරතුරු සන්සරණය හා යුද හමුදා ක්ෂේත්රවලට අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීමට ගත් උත්සාහයේ ප්‍රතිඵල ලෙස මෙය බිහි විය.නව මාධ්‍ය බිහිවීම සඳහා පාදක වූ ආර්ථික,සමාජ,දේශපාලන,තාක්ෂණය ආදී ක්ෂේත්රවල වෙනස්කම් බලපා ඇත.ඒ අතර තොරතුරු තාක්ෂණයේ දිගුවීම ප්‍රධාන වේ.
ටිම් බර්නස් ලී (Tim Berners Lee) විසින් ලෝක ව්‍යාප්ත ජාලය (World Wide Web - www) පිළිබඳ අදහස ඉදිරිපත් කිරීමත් සමග සමඟ නව මාධ්‍යයේ වර්ධනය වේගවත් විය.මීට අමතරව අභිසාරිතා සංකල්පය ගොඩනැගීමද ගොඩනැගීමද මීට හේතු වී තිබේ.නව මාධ්‍ය ඇතිවීමත් සමග ඇති වූ මෙම විපර්යාසයන් අධ්‍යයනය කළ විද්වතුන් අතර,
1.මාර්ෂල් මැක්ලුහන්
2.ෆෙඩ්රික් කෙට්ලර්
3.බර්නාඩ් ස්ටෙග්ලර්
4.මැනුවෙල් කැස්ටෙල් ආදීහු වෙති. මොවුන් නව මාධ්‍ය බිහිවීම,විකාශය,අන්තර්ගතය,එහි බලපෑම පිළිබඳ අධ්‍යයනය කර ඇත.
නව මාධ්‍ය ලක්ෂණ
1.අංකිතකරණය
අංකිතකරණය යනු අංකිත තාක්ෂණයේඒකාබද්ධතාවයයි. දෛනික ජීවිතයේ සමස්ත ක්‍රියාකාරීත්වය සමඟ අංකිත තාක්ෂණය බැඳී පවතී. තාක්ෂණයට නතුව පවතින ලෝකයේ සංවර්ධනය අංකිතකරණය මගින් විද්‍යමාන වේ.1හෝ 0 යන ද්විමය සංඛ්‍යා ලෙස දැක්වෙන පරිගණක භාෂාව ඔස්සේ අවශ්‍ය දත්ත පහසුවෙන් ලබා ගැනීමට හැකිවන ආකාරයට පරිගණකගත කිරීම මෙමගින් සිදුවේ.
උපකරණ-පරිගණක,smart watch, ඩිජිටල් කැමරා, ඩිජිටල් මීටර්
2.ජාලගතකරණය
තොරතුරු ජාලා එකිනෙකට සම්බන්ධ කිරීම ජාලගතකරණයයි.ස්ථානීය ක්ෂේත්‍ර ජාලගතකරණය (LAN) හා පුළුල් ක්ෂේත්‍ර (WAN) ජාලගත කරනය මූලික අවස්ථාව වෙයි.පුළුල් විස්තීරණ ජාලගතකරණය (WWW) ලෙස ලෝක ව්‍යාප්ත ජාලගතකරණය සඳහන් කළ හැකිය.
3.අධිපාඨනීයත්වය
විද්‍යුත් සම්බන්ධතා භාවිතා කරමින් එක් පඨිතයක් වෙතින් වෙනත් පටිතයක් වෙත ළඟා වීමට ඇති සබඳතාව අධිපාඨනීයත්වයයි.මෙම පඨිතයන් එකිනෙක හා බැඳී පවතින නිසා පුළුල් පටිත කරා ළඟාවීමට හැකිවීම මෙහි ඇති වාසිදායකක තත්ත්වයයි.උදාහරණ ලෙස මාර්ගගත දත්ත පටිතයක සම්බන්ධ මගින් විවිධ තොරතුරු මූලයන්ට ළඟා වීමට ඇති හැකියාව දැක්විය හැකිය.
4.ස්වයංකරණය
ස්වයංකරණය යනු නව තාක්ෂණය උපයෝගී කරගෙන දත්ත හුවමාරු කර ගැනීම සඳහා භාවිත ස්වයංක්‍රීය ක්‍රියාවලියකි.පූර්ව උපදේශවලට අනුව සක්‍රීය වන සෘජු මානව එළවමකින් තොරව ග්රාහකයා වෙත පණිවිඩ හුවමාරුව සඳහා උපයෝගී කරගනු ලබන ක්‍රියාවලියකි.නව මාධ්‍ය තුළට යම් තොරතුරක් ඇතුල් කළ පමණින් එය ජාලගත සම්බන්ධතා සහිත අති විශාල ග්රාහක ප්‍රමාණයකට එසැණින්ම ස්වයංක්‍රීයව සම්ප්‍රේෂණය වේ.
5.දත්ත සංචිතකරණය
මූලික දත්ත එකතුවයි.පරිගණක විධික්රම වලට අනුව ලබා ගැනීමට හැකිවන ආකාරයෙන් දත්ත ගබඩා කර තිබේ.ඒ සඳහා අවශ්‍ය වන්නේ ඉතා සීමිත ඉඩකඩකි.දත්ත සංචිතකරණය සංකීර්ණ ස්වභාවයකින් යුක්තය.මෙම සංචිතවලින් අවශ්‍ය පුද්ගලයකුට දත්ත ලබාගත හැකිය.
6.වේගවත් සංදේශකරණය
නව මාධ්‍ය අතිශය වේගයෙන් සන්නිවේදන පණිවිඩ හුවමාරු කිරීමේ ශක්‍යතාවයෙන් යුක්තය.එය අන්තර්ජාලගතකරණය කළ වහා අදාළ ග්රාහක ඉලක්ක වෙත වේගයෙන් ගලා ගෙන යයි.එම ගලා යෑම සඳහා දේශසීමා මායිම් නැත.ඒ නිසා නව මාධ්‍ය විශ්වීය පරාසය දක්වා තම තොරතුරු සම්ප්‍රේෂණය කරයි.නව මාධ්‍ය අවකාශය තුළ අති විශාල ග්රාහක සංඛ්‍යාවක් ජාලගත කර ගනිමින් තොරතුරු බෙදා හැරීමට,ග්‍රහණය කර ගැනීමට හැකිව තිබේ.
❤️
ReplyDelete🩷🩷🩷🩷
ReplyDelete