සන්නිවේදනය පිළිබඳ නිර්වචන
* සන්නිවේදනය පිළිබඳ හැරල්ඩ් ඩී. ලැස්වෙල්ගේ නිර්වචනය (1948)
“යම් කිසිවෙකු, යම් කිසිවක්, කිසියම් නාලිකාවකින් යම් කිසිවෙකුට කිසියම් බලපෑමක් කිරීම සඳහා ප්‍රකාශ කරනු ලබන දෙය සන්නිවේදනය යි.”
මෙහිදී ලැස්වෙල් විසින් දේශපාලනික ප්රවේශයකින් නිර්වචනය ඉදිරිපත් කරනු ලබයි.බලපෑම යනු දේශපාලනිකව සාකච්ඡා කෙරෙන ප්‍රබල ලක්ෂණයකි.එය සන්නිවේදනයේ අග්‍රඵලය ලෙස මෙම නිර්වචනයේ දී දක්වා ඇත.
* සන්නිවේදනය පිළිබඳ ශැනොන් සහ වීවර්ගේ නිර්වචනය (1949)
“සන්නිවේදනය යනු යම් තැනක දී නිර්මාණය කර ගත් හෝ තෝරාගත් පණිවිඩයක් ඒ ආකාරයෙන් ම හෝ ඊට සමාන ලෙස වෙනත් තැනක දී ප්‍රතිනිර්මාණය කිරීමයි”
මොවුන් සන්නිවේදනය පිළිබද හෙලන දෘෂ්ටිය ද තාක්ෂණික ස්වරූපයක් ගන්නා බව දක්නට ලැබේ.නමුත් මොවුන් සන්නිවේදන මූලිකාංග පිළිබඳව ද අවධානය යොමු කර ඇති බව දක්නට ලැබේ.
* සන්නිවේදනය පිළිබඳ විල්බර් ශ්‍රාම්ගේ නිර්වචනය (1954)
“තොරතුරු ගැබ් වූ සංඥාවක් කරණ කොට ගෙන දෙපාර්ශ්වයක් අතර එක හා සමාන චිත්ත ස්වභාවයක් ඇති වීම සන්නිවේදනය යි”
සන්නිවේදනයෙහි යෙදෙන පුද්ගලයන් අතර සමාජ පසුබිම, අත්දැකීම් පසුතලය සම තත්වයක පවතී නම් එකී කාර්ය වඩාත් පහසු වන බව ශ්‍රාම්ගේ නිර්වචනයෙන් පැහැදිලි වේ. මෙබඳු සමාජ තත්වයක් නොතිබුණ ද සන්නිවේදනයෙහි යෙදීමට බාධාවක් නැත. එහෙත් ඉදිරිපත් කරන සංදේශයෙහි අරුත නිසි පරිදි වටහා ගැනීමට ඇති බාධාව මේ නිසා උද්ගත වේ. එබැවින් ගැඹුරු සන්නිවේදන ක්‍රියාවලයකදී දෙපක්ෂය අතර සමානත්වයක් තිබීම වඩාත් ප්‍රතිඵලදායක ය.
* සන්නිවේදනය පිළිබඳ එඩ්වඩ් සැෆීර්
''සමාජය යනු අනෙකක් නොව සන්නිවේදනය හේතු කොටගෙන සන්නිවේදනය තුළින් පවත්වාගෙන යනු ලබන සබදතා ජාලයයි. පුද්ගල චර්යාවට අදාළ සෑම සංස්කෘතික රටාවක්ම සහ චර්යාවට අදාළ සෑම ක්‍රියාවක්ම කෙලින්ම හෝ වක්‍රව සන්නවේදනයටසම්බන්ධයක් ඇත.''
සමාජ විද්‍යාඥයෙක් වන සැපීර් මෙම නිර්වචනය සන්නිවේදනය පිළිබඳ ඉදිරිපත් කළ එකක් නොවේ. සමාජය පිළිබඳව ඉදිරිපත් කර ඇති අතර, සමාජය හා සන්නිවේදනය අතර ඇති අවියෝජනීය සම්බන්ධතාව නිසාම මෙය සන්නිවේදනය පිළිබඳව කරන ලද නිර්වචනයක් සේ දිස්වේ.
* සන්නිවේදනය පිළිබඳ චාල්ස් එච්. කූලිගෙ නිර්වචනය
“මානව සම්බන්ධතා රඳවා සිටින්නා වූත්, වර්ධනය කරන්නා වූත්, සියලු සංකේත මෙන් ම, ඒවා දේශයෙන් දේශයට ප්‍රවාහනය කිරීමටත්, කාලයේ බැඳුම්වලින් ඔබ්බට ගොස් සුරක්ෂිත කර ගැනීමටත් උපකාරී වන උපක්‍රම සන්නිවේදනය යි.”
* ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ නිර්වචනය
“අදහස, දැනුම යනාදිය භාෂණය හෝ ලේඛනය හෝ සංඥා මඟින් ප්රදානය කිරීම, ප්‍රකාශ කිරීම හෝ හුවමාරු කර ගැනීම සන්නිවේදනය යි.
❤❤
ReplyDelete♥️♥️♥️♥️
ReplyDelete