සන්නිවේදනය යනු පුද්ගලයන් අතර අදහස්, ආකල්ප, මතිමතාන්තර හා විශ්වාස හුවමාරු කර ගැනීමයි.සන්නිවේදනය මානවයාගේ මූලික අවශ්‍යතාවයකි. එමෙන්ම මානවයාගේ සමාජ ක්‍රියාවලියේ අනිවාර්ය අංගයක් ලෙස ද සන්නිවේදනය හැඳින්විය හැකිය. සමාජය බිඳ නොවැටෙන පරිදි යහතින් පවත්වාගෙන යෑම සඳහා සන්නිවේදනය අවශ්‍ය වේ. අද මුළු විශ්වයම එකම ගම්මානයක් බවට පත්කර ගැනීමේ ශක්තිය සන්නිවේදන මාධ්‍යයන්ට ලැබී තිබේ. එය වත්මන් ලෝකයේ තාක්ෂණික වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙසට එක් අතකට සැලකිය හැකිය. මානව සමාජයේ අන්තර් සම්බන්ධතාවය ගොඩනගන හුයක් ලෙස සන්නිවේදනය හඳුන්වා දිය හැකිය.
මෙම සන්නිවේදනය පිළිබදව හැදින්වීමේ දී සන්නිවේදනය මගින් කාර්යන් කිහිපයක් ඉටු කෙරෙන අතර එය ශ්‍රාස්ත්‍රීය විෂයක් ලෙස වර්ධනය වීම ආරම්භ වූ මුල් යුගයේ සිටම සන්නිවේදනය මගින් මූලික කාර්යන් 4ක් ඉටු කෙරෙන බව පිළිගනු ලැබිණ.එම කාර්ය නම්,
1.තොරතුරු සම්පාදනය
2.අධ්‍යාපනය/උපදෙස් සම්පාදනය
3.පෙළඹවීම
4.විනෝදාස්වාද සම්පාදනය
1.තොරතුරු සම්පාදනය
සන්නිවේදනයේ ප්‍රධානතම කාර්යය වන්නේ තොරතුරු සැපයීමයි. පුද්ගලයෙකුට හෝ සමාජයකට එදිනෙදා ජීවිතයේදී තීරණ ගැනීමට සහ අවබෝධය ලබා ගැනීමට විවිධ තොරතුරු අවශ්‍ය වේ. එබැවින් සමාජය හැමවිටම මොනයම් හෝ තොරතුරක් අපේක්ෂාවෙන් සිටී.මෙම තොරතුරු සම්පාදනය යන්න පුළුල් ක්ෂේත්රයක පවතින්නකි.එහිදී සමාජ,ආර්ථික,දේශපාලනික,සංස්කෘතික,ආගමික ආදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මානව හා සමාජීය අවශ්‍යතා සපුරමින් තොරතුරු සම්පාදන කාර්ය සිදුවේ.එහිදී සමාජයේ සෑම අවස්ථාවකදී ම යම් යම් සන්දර්භයන් වටා ගොඩනැගුනු තොරතුරු පද්ධතියක් සංසරණය වේ. ඒ අතරින් විවිධ සාමාජිකයෝ තමන්ට අවශ්‍ය තොරතුරු ප්‍රමාණය තමන් සතු කර ගනී.මෙහිදී මිනිසාට අවශ්‍ය වන්නේ නිරවද්‍ය තොරතුරුය.එහිදී තොරතුරු සම්පාදන කාර්ය ඉහළ අගයක් ගනු ලබන්නේ හා උසස් මට්ටමක රදවා ගත හැකි වන්නේ නිවැරදි තොරතුරු සම්පාදනය මතය.එහිදී එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා සපුරන තොරතුරුද අවට පරිසරයේ මෙන්ම ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් සිදු වන දෑ පිළිබද තොරතුරුද මිනිසාට අවශ්‍ය වේ.
විශේෂයෙන්ම ජන මාධ්‍ය ක්‍රියාවලිය තුළ මෙම තොරතුරු සම්පාදන ක්‍රියාවලිය දැකගත හැකිය.තවද ජාත්‍යන්තර ප්රවෘත්ති ආයතන ගණනාවක්ම ලෝකය පුරා පවතින්නේ මෙම අවශ්‍යතාවය සපුරාලීම සදහාය.එමෙන්ම වර්තමානය වන විට තොරතුරු සම්පාදන කාර්ය තරගකාරී මට්ටමක පවතින අතර මෙය වාණිජ මුහුණුවරක් ගෙන ඇති බවද දැක ගත හැකිය.
2.උපදෙස් සම්පාදනය/අධ්‍යාපනය
මෙහිදීද තොරතුරු සම්පාදනය මූලික වශයෙන් සිදුවන නමුත් ඉන්ඔබ්බට ගිය ක්‍රියාකාරී ස්වභාවයක් උසුලන්නා වූ යමක් ද සිදුවනු දැකිය හැකිය එය හුදු කරුණු දැක්වීමකට සීමා නොවී ඒවායේ කිසියම් සංවිධානාත්මක හෝ අර්ථකථනාත්මක ඉදිරිපත් කිරීමක් පෙන්නුම් කරයි. පරිගණකයක් භාවිතා කර ලිපියක් සකස් කරගන්නේ කෙසේදැයි ඔබ තවත් අයකු දැනුමත් කිරීම නිදසුනක් ලෙස ගනිමු. එහිදී ඔබ පරිගණකය සම්බන්ධ මූලික තොරතුරු වලට අමතරව එම කාර්යය සිදු කරන අයුරු ඊට සම්බන්ධ විවිධ මෙවලම්වල ක්‍රියාකාරිත්වය ආදිය පැහැදිලි කරමින් සංවිධානාත්මක ඉදිරිපත් කිරීමක නියැලෙන්නෙහිය. එය තොරතුරු සම්පාදනයෙන් ඔබ්බට ගිය උපදෙස් සම්පාදනයක් නැතහොත් අධ්‍යාපන කාර්යයක් වන්නේ එහෙයිනි.එමෙන්ම දේශන,වැඩමුළු,සම්මන්ත්රණ පෙර පොත් ආදිය මගින් මූලික වශයෙන් සිදුකරනුයේ අධ්‍යාපන කාර්යයක් බව මේ අනුව පැහැදිලි විය යුතුය.
තවද අධ්‍යාපනය මගින් මිනිසාගේ දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කිරීම සිදු වේ.එහිදී යම් දෙයක් ක්‍රියා කරන ආකාරය ඉගැන්වීම හෝ යම් විෂය කරුණක් පැහැදිලි කර දීම මෙයට අයත් වේ.එමෙන්ම අධ්‍යාපන කර්යය පුද්ගල ජීවිතයේ ආකාර තුනකින් සිදු වන බව දැක ගත හැකිය.එනම් විධිමත්,අවිධිමත් සහ නොවිධිමත් අධ්‍යාපනය වශයෙනි.මෙලෙස ලැබෙන අධ්‍යාපනය සිදු කරනු ලබන්නේ සන්නිවේදනය මගිනි.ඊට අමතරව විවිධ දේශන,වැඩමුළු,සම්මන්ත්රණ යන මාධ්‍ය ඔස්සේද විවිධ දේ ඉගෙනීම සිදු කරනු ලබයි.ඒ අනුව සන්නිවේදනයේ කාර්යයක් ලෙස උපදෙස් සම්පාදනය හා අධ්‍යාපනය විශේෂත්වයෙහිලා හදුනා ගත හැකිය.
3.පෙළඹවීම
යම් සන්නිවේදන කාර්යයක් මගින් යම් පුද්ගලයෙකුගේ හෝ පුද්ගල සමූහයක ආකල්පමය හෝ චර්යාමය වෙනසක් ඇති කිරීම අරමුණු කරන්නේද එය පෙළඹවීම ලෙස හදුන්වයි.එනම් යම් කාර්යක් සදහා යම් පාර්ශවයකගේ සහභාගිත්වය ලබා ගැනීමට අවශ්‍ය වන අවස්ථාවේදී අපට ඒ අය ඒ සදහා පොළඹවා ගැනීමට සිදු වේ.ඒ සදහා සිතාමතා පණිවිඩය සැකසීම කළ යුතු වේ.එමෙන්ම එම සංදේශය නිර්මාණශීලී වුවද ආකර්ශනශීලී වුවද පොළඹවන සුළු වුවද සංකේතමය පණිවිඩයක් විය යුතුය.ඒ සදහා විවිධ ස්වරූප වලින් පණිවිඩය සැකසිය යුතුය.එමෙන්ම මෙය.කථනය ,ලේඛනය, රූපමය ඉදිරිපත් කිරීම් ආදී විවිධ උපාය උපක්‍රම මේ සඳහා යොදාගත හැකි වේ.
4.විනෝදාශ්වාද සම්පාදනය
මිනිසා සතු මූලික අවශ්‍යතාවයක් වන ආහාර, නිවාස සහ සෞඛ්‍ය හැරුණු කොට තම පැවැත්ම යහපත් කර ගැනීම සඳහා ඉටු කර ගත යුතු සාධක සමූහයක් පවතී. කලාව, රසවින්දනය, අධ්‍යාපනය යනාදිය එහි දී මූලිකත්වය ගනී. මෙහිදී විනෝදය අවශ්‍ය වන්නේ කායිකව හෝ මානසිකව වෙහෙසට පත් වූ අවස්ථාවක ඉන් මදකට හෝ මිදීම සදහාය.මිනිසාගේ මානසික සමබරතාව ආරක්ෂා කර ගැනීම ඔහුගේ යහපැවැත්මට බලපාන්නා වූ තීරණාත්මන සාධකයකි.එහිදී රසවින්දනය, විනෝදාස්වාදය,මානසික සමබරතාව මිනිසා තුල ඇති කරලීම අත්‍යවශ්‍ය වේ.එමෙන්ම සංකීර්ණ වූ ජීවන රටාව විසින් මිනිසා පෙළෙනු ලබනවා සේම එම සංකීර්ණ වූ ජීවන රටාව නිර්මාණය කළා වූ පාර්ශවය විසින් එම පීඩනය සමනය කරන්නට උපක්‍රම ද යොදනු ලබන්නේය.මෙහිදී ජන මාධ්‍ය ප්රමුඛත්වයෙහි ලා සැලකේ.
එහිදී වත්මන් ජනමාධ්‍ය වල ප්‍රධානතම කාර්ය වී ඇත්තේ විනෝදාශ්වාදය සැපයීමයි.ව්‍යාකූල මානසික තත්ත්වයන් විශ්රාන්තිය මඟින් සමතුලනය කොට ජීවිතය වඩාත් යහපත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන තත්ත්වයන් ගොඩනැංවීම ද ජනමාධ්‍ය මඟින් සිදු කරයි. ඇතැම් විට සරල වින්දනයක් ලැබෙන අතර ඇතැම් විට දැනුම සමග විනෝදය ලබා ගත හැකිය.ජනමාධ්‍යයේ ව්‍යප්තියත් සමග විනෝදාශ්වාද සම්පාදන කාර්ය ඉස්මතු වී පෙනෙන්නට විය.පුද්ගලයා මුහුණපාන කරදර මදකට හෝ අවම කිරීමට විනෝදය ලබා ගත හැකි නම් එය වැදගත් වේ.
👍👍
ReplyDelete👍
ReplyDelete👍
ReplyDelete👍
ReplyDelete👍
ReplyDelete♥️
ReplyDelete❤️
ReplyDelete♥️
ReplyDelete❤
ReplyDelete❤️💪
ReplyDelete❤️
ReplyDelete❤️👍
ReplyDelete👍
ReplyDelete❤️👍
ReplyDelete❤️
ReplyDelete❤️❤️
ReplyDelete❤️❤️
ReplyDelete💖👍
ReplyDelete❤️
ReplyDelete❤️👍
ReplyDelete❤️🥰
ReplyDelete❤️❤️
ReplyDelete🤍
ReplyDelete❤️🩹❤️🩹
ReplyDelete👍
ReplyDelete👍
ReplyDelete❤️
ReplyDelete👍👍
ReplyDeleteSupiri
ReplyDelete